*
Friday, October 25, 2024
spot_img

Latest Posts

සමාජ,දේශපාලන එකමුතුවක් නොවුණොත් ආර්ථිකය ගොඩගන්න බැහැ – සජබ මන්ත්‍රී ඉරාන්

කොළඹ LNW:සමාජීය මට්ටමින්,දේශපාලන මට්ටමින් එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නොහැකි වුණොත් රටේ ආර්ථිකය නිර්මාණය කළ නොහැකි බව සමඟි ජන බාල්වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

රටේ දේශපාලන ස්ථාවරභාවයක් නොමැතිවුණොත් ආර්ථිකය හදිය නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරනේ.

පසුගිය රජය විසින් ස්ථාපිත කළ අතුරුදහන් වූවන් පිළිබඳව සෙවීමේ කාර්යාලය සහ උතුරේ අලාභ හානි සඳහා වන්දි ගෙවීමට ස්ථාපිත කාර්යාලය නැවත සක්‍රීය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් උතුරේ දේශපාලන නායකයින් සහ සිවිල් වැසියන් ඉල්ලා සිටි බව ද සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඒ අනුව එම කාර්යාල සමගි ජනබලවේගය රජයක් තුළින් නැවත සක්‍රීය කරන බව විපක්ෂ නායකවරයා පැවැසූ බවයි ඔහු සඳහන් කරන්නේ.

එකමුතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට උතුරේ ජනතාවගේ අදහස් වැදගත් වන බවත් සමාජීය මට්ටමින්, දේශපාලන මට්ටමින් එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නොහැකි වුවහොත් රටේ ආර්ථිකය නිර්මාණය කරන්න නොහැකි බව මන්ත්‍රීවරයා පවසයි. සමගි ජනබලවේග රජයක් තුළින් පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උතුරේ දේශපාලන නියෝජිතයන්ට ප්‍රකාශ කළ බවත් ඔහු කියාසිටියි.

“විපක්ෂ නායකතුමා යාපනයේ සහ කිලිනොච්චියේ සිදුකළ සංචාරයේ දී උතුරේ දේශපාලන නායකයින් මුණගැසුණා. ඒ් වගේම යාපනයේ සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලන නායකයන්, වෘත්තිය සමිති නායකයන්, විද්වතුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මුණගැසිලා සාකච්ඡා කළා. ඔවුන්ගේ අදහස්වලට එහිදී විපක්ෂ නායකතුමා සවන් දුන්නා. එකමුතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න උතුරේ ජනතාවගේ අදහස් වැදගත් වෙනවා. සමාජීය මට්ටමින්, දේශපාලන මට්ටමින් එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නොහැකි වුණොත් රටේ ආර්ථිකය නිර්මාණය කරන්න නොහැකියි. රටේ දේශපාලන ස්ථාවරභාවයක් නොමැතිවුණොත් ආර්ථිකය හදන්න බෑ. ඉදිරියේදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදන වර්ධනය සියයට 8 ත් වඩා වර්ධනය විය යුතුයි. ඒ ඉලක්කයට යන්න සමාජීය දේශපාලන ප්‍රශ්න විසඳාගෙන එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතුයි. එය සිදුකළොත් ලංකාව ඉහළට ගන්න පුළුවන්” බව මන්ත්‍රීවරයා තවදුරටත් පවසයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan