බහරේනයේ ඇමෙරිකානු රේඩාර් පද්ධතියකට ඉරානයෙන් ප්‍රහාරයක්!

කොළඹ LNW:ඉරානය බහරේනයේ ඇමෙරිකා රේඩාර් පද්ධතියකට ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරානය හා ඇමෙරිකාව අතර හටගෙන ඇති යුදමය නොසන්සුන්තාව යළි උත්සන්න වීමේ අවදානමක් මතුව ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙන අතර
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ බහරේනයේ පිහිටා ඇති ඇමෙරිකා හමුදාවට අයත් පූර්ව අනතුරු ඇඟවීමේ රේඩාර් පද්ධතියකට ප්‍රහාරයක් එල්ල කළ බවයි.

දකුණු ඉරානයේ පිහිටි විදුලි සංදේශ කුළුණකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

ඒ අනුව ප්‍රහාරයෙන් අදාළ රේඩාර් පද්ධතිය විනාශ කළ බව ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දැනුම් දී තිබේ.

කෙසේ වුවද ඉරානයේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඇමෙරිකාව හෝ බහරේනය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද වාර්තා කර ඇත.
ඇමෙරිකා නාවික හමුදාවේ 05 වන බලඇණියේ මූලස්ථානය පිහිටා ඇත්තේ ද බහරේනයේ වන අතර හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිදු කරන ඇමෙරිකා ක්‍රියාකාරකම් හා ගුවන් මෙහෙයුම් නතර නොකළහොත් තවදුරටත් දැඩි ප්‍රතිචාර දක්වන බවට ඉරානය අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාවක් අද ගාල්ල වරායට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : මත්ද්‍රව්‍ය අඩංගු යැයි...

අත්‍යවශ්‍ය ආහාර රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට පනවා තිබූ විශේෂ...

LAUGFS ගෑස් වෙතින් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : LAUGFS ගෑස් මෙට්‍රික්...

කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26...