වතේ උස්කම දරා සිටි හිතේ, උස්ම තැන ගත් තර්ජනීගේ ප්‍රේමය සඵල වෙයි!

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 17, කොළඹ (LNW): ඇය ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාවය.එසේම ඒ උසින් සියලු ලාංකිකයන්ගේ හදවත් උස්සා අභිමානයෙන් පුරවන්නට ඇය සමත් වූවාය. රටක ජයග්‍රහණයට වඩා තමන්ගේ න්‍යාය පත්‍ර ගැන නොසිතන දැල් පන්දු කේෂ්ත්‍රයේ කාට වුව ඇය වීරවරියකය.ලෝකයක් සසල කළ ඇය වෙනුවෙන් දිනෙක දැලපන්දු පරිපාලනය සහ ශ්‍රී ලංකා ක්‍රීඩා පරිපාලනය එක්ව ජය මංගල්ලයක් බඳු උත්සවයක් කරනු ඇතැයි අපි සිතුවෙමු.ඒ ඕනෑම නෝනා කෙනෙක්ට මම ශ්‍රී ලංකාවේ නෙට්බෝල් වෙනුවෙන් පෙනී සිටින බව ලෝකය ඉදිරියේ කිව හැකි පෞඩත්වය කොන්දට සවි කරන්නට තර්ජනී නම් ඇය ලෝක නෙට්බෝල් කේෂ්ත්‍රයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕනෑම රටකට පහසු නොවන උසකින් සහ උසස් හැකියාවකින් උන්නාය.


ඒත් මේ උස, රටට රස මතක එකතු කළ නෙට්බෝල් රැජීනියගේ හිතට රස දැණෙන ආදරය තිබුණේ මේ කොදෙව්වෙන් එපිට ඉන්දියාවේය.ආදරයේ වස්සාව සුගන්ධය ඇගේ හදවත ගැල් වූ ඔහු ඉන්දීය ජාතික ප්‍රසාත් ය.ඔහු ඇයගේ උස් සිරුර දරා සිටි සිතේ උස්ම තැන මහත් වූ ප්‍රේමයක් තැන්පත් කරන්නට සමත් වී ඇත.


රටම සතුටු කරන්නට දශක දෙකකට වැඩි කාලයක් මේ පොළව වෙනුවෙන් දහඩිය වැගිරූ අභිමානවත් ගැහැණියක වූ සිවා (තර්ජණී) ,අපට සිනා සෙන්නට සතුටු වෙන්නට කළ කැපකිරීම්වලින් ඉනික්බිති, ඇයට තනියෙන් ජීවිතය පුරා සතුටු වන්නට හැකි තීරණයට එළැඹි මොහොතය.ඔබ විදේශයක නෙට්බෝල් ගැන කතා කළ අයෙක්නම් අනිවාර්යෙන් ඔබට තර්ජනීගේ රටේ වීම ගැන ආඩම්බර වෙන්නට කරුණක් යෙදී තිබෙනවා නිසැකය.ලෝකය මත ලෝක සිතියමේ තිත හිතේ විශාල හැඟීමක් සහ ගෞරවයක් සහිත සතුටක් කරන්නට කැප වුණ තර්ජණී සිවලිංගම් සිය විවාහ දිවිය අරඹණ මොහොත අද ඉන්දියාවේ දී යෙදී තිබිණි.ඒ මොහොතට රටකට සතුට ආඩම්බරය දුන් ඇය වෙනුවෙන් රටම එක් වී සුබ පැතිය යුතුය.ඒ සුබ පැතුම වෙනුවෙන් තැබෙන මේ සටහනට අවශ්‍යය ඡායාරූප යොමු කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය සමඟ ලකුණු සැවීමේ කාර්යයට වැඩිම කාලයක් දායක වූ ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය ගෙන දීමට නායකත්වය දුන් ශෂීකා සමරසිංහ ය.
දැල අසළ තර්ජනී ළගම උන් සේම, ඇයගේ සරණ මංගල්ලය දවසේ ද ඇය අසළින් රැඳෙන්නට ශෂිකා ඉන්දියාවට ගොස් ඇත.ලංාකේය නෙට්බෝල පවුලේ හිතවතුන් පිරිසක් ද පිරිවරා ගෙන සරත්මය සිසිලැති ප්‍රේමයක කිරුළු දරන තර්ජණීට අපි රටක්ම එක් කරගෙන සුබ පතන්නෙමු.

තර්ජනී ඔබටත් ආදරණිය සැමියා ප්‍රශාත්ටත් අපි හදවකින්ම රස පිරුණු අනාගතවකට අපි සුබ පතමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...