නැගෙනහිර ආදායමෙන් ලංකාවම ගොඩදාන්න ඇමති හඳුන්නෙත්තිට තවත් තනතුරක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

ඒ අනුව පසුගිය 11 වනදා සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මෙම තනතුරේ වැඩ භාරගෙන ඇති අතර එදින ඔහු මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති කාර්යාලය විවෘත කිරීම ද සිදුකර ඇත.

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වන්නේ ද සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ය.

නැගෙනහිර පළාතෙන් උපයන ආදායමෙන් පමණක් මුළු ශ්‍රී ලංකාවම ගොඩගත හැකි බව සුනිල් හඳුන්නෙත්ති මහතා මීට වසර කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබිණි.