ලහිරු සහ තරිඳු ටෙස්ට් වරම් දිනා ගනියි

Date:

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW:

බංගලාදේශයට එරෙහිව පැවත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබූ නවක ක්‍රීඩකයන් අතරින් අද ලහිරු උදාර සහ තරිඳු රත්නායක ටෙස්ට් වරම් දිනා ගත්තා.දෙදෙනාම කාලයක් තිස්සේ ඔවුන්ව තෝරා ගැනීම සඳහා විශාල බලපෑමක් ඇති කරන අන්දමෙන් ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයන් විම මෙහිදී අමතක නොකළ යුතුයි.ඒ නිසා මේ වන විට ලහිරු උදාර 21 වැනි වියේ පසුවන අතර තරිඳුට වයස අවුරුදු 29 ක් වෙනවා.


ටෙස්ට් තත්ත්වයට ළඟා වීම සඳහා සෑහෙන කාලයක් කරන ලද කැපවීමක් සහිත මෙම ක්‍රීඩකයින් දෙදෙනා නොපසුබස්නා උත්සාහයෙන් අවසාන වරස කිහිපයේදීම හොඳින් සිය දක්ෂතා නඩත්තු කිරීම පැසසිය යුතුයි.එවැනි තත්ත්වයන් තුළ ජාතික කණ්ඩායමට අවස්ථාව නොලද්දේ වුව ද,ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ වෙනත් රට නියෝජනය කරන කණ්ඩායම් සමඟ තරග කිරීමට ලබා දුන් අවස්ථාවන්ද ඉතාමත් ප්‍රශංසනීය ලෙස ප්‍රයෝජනයට ගැනිමට ලහිරු සහ තරිඳු සමත් වුණා.


ලහිරු කඩුලු රකින්නෙක් මෙන්ම ආරම්භක පිතිකරුවෙක්ද වෙනවා.ඔහු මෙම තරගයේදී කඩුලු රැකීම නොකළත් ආරම්භ පිතිකරුවා ලෙස ඉණිම ඇරඹීමට පැතුම් නිශ්ශංක සමඟ පිටියට පිවිසෙනු ඇති. තුන් ඉරියව්වේම හැකියාවන් ඇති තරිඳුගේ ප්‍රධාන වගකීම වන්නේ සිය වමත් දඟ පන්දු හැකියාව කණ්ඩායම වෙත ලබා දීමයි.තරිඳු තරගය ඇරඹී මේ වන විටත් සිය තේරීමට සාධාරණය ඉටු කරමින් කඩුලු දෙකක්ම දවා ගෙන සිටිනවා.ඔහුට කඩුලු ත්‍රිත්වයක් ලැබීමේ අවස්ථාවක්ද උදා වුවත් එය සාර්ථක කර ගන්නට බැරි වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...