ධම්මික පෙරේරාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් !

Date:

බැසිල් රාජපක්ෂ මහතාගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරා මහතාව පත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් සඳහා පත්කරමින් මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇති බව සඳහන්.

රෝර් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ රොයෙල් රේමන්ඩ් මාධ්‍යවේදිනිය විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

ධම්මික පෙරේරා මහතාගේ නම 2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවල හෝ ජාතික ලැයිස්තුවෙහි ඇතුළත්ව නොතිබුණු බැවින් ඒ මහතාව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි පෙත්සමෙන් දක්වා ඇත්තේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මහලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර ඇති බවත් සඳහන්.

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා ද මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...