ඉල්ලපු ණය ගැන ඉන්දියාවෙන් තාමත් ප්‍රතිචාර නෑ – ඉන්ධන ආනයන සම්පූර්ණයෙන් නවතින ලකුණු !

Date:

ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඉල්ලා ඇති ණය මුදල සම්බන්ධයෙන් ඉන්දීය පාර්ශ්වයෙන් මේ දක්වා සාර්ථක ප්‍රතිචාර ලැබී නොමැති බව වාර්තා වේ.

ඉන්දියාව මීට පෙර ලබා දුන් ණය මුදල අවසන්වීමත් සමග තවත් ඩොලර් මිලියන 500 ක ණයක් ඉල්ලා සිටි නමුත් මේ දක්වා අවසන් එකඟතාවයකට පැමිණ නොමැත. මෙම ණය මුදල සම්පූර්ණයෙන්ම ඉන්ධන ආනයනය සඳහා භාවිතා කිරීමටයි සැළසුම් කර තිබුණේ.

ඩොලර් මිලියන 500 සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් ඉන්ධන ආනයනය සම්පූර්ණයෙන් ඇණහිටීමේ අවදානමක් මතුව තිබේ.

අදාල ණය මුදල මාස 04 ක ඉන්ධන ආනයනය සඳහා ප්‍රමාණවත් වන අතර, ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ඉන්ධන ආනයනය සඳහා වෙනත් විකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවනු ඇත. කෙසේ නමුත් මෙතෙක් කිසිදු සාර්ථක විකල්පයක් නොමැත.

ඉන්ධන ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස සති දෙකක කාලයක් සඳහා රාජ්‍ය සේවකයන්ට සහ පාසල්වලට නිවාඩු ලබාදීමට යෝජනා වී ඇති අතර ඒ පිළිබඳ අවසන් තීරණය අද දිනය තුළ ගැනීමට නියමිතව තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...