*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

එයාට යන්න දෙන්න එයාලත් අපි වගෙම සංතෝශෙන් – පිංතුරයක නෑහුණ වචන

සාමාන්‍යයෙන් ක්‍රිකට් තරගවලට ප්‍රෙක්ෂකයන් කඩා වැදීම මේ කාලේ ඉතාමත් දුර්ලභය.ඒ ප්‍රේක්ෂයාට එන්නට ඕනෑකම නැති හින්දා නොවේය.එන්නට නොහැකි වන්නට බැඳ තිබෙන වැට කඩුළු වැඩි නිසාය.නමුත් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවන එක්දින තරගයේදි තරගාවසානයේ ප්‍රේක්ෂකයෝ පිටිය ආක්‍රමණය කළහ.කලෙකට පසුව දැඩි පීඩාවක ඉන්න රටක ක්‍රිකට් යම් ආකාරයක ආගමක් කොට අඳහන ප්‍රේක්ෂක පිරිසට පෝලිම්වල රැවුම්,ගෙරවුම්,කඳුළු සහ පශ්චාත්වීම් අතරට මේ ආකාරයේ ජයක් ඒම හැඟීම්වලට එකතු වන සතුට දෝරේ යාමකි.

පල්ලෙකැලේ සිඳුවීම එවැනි තත්ත්වයක්ය.එම තරගය වෙනස් කළේ චාමික කරුණාරත්නය.ඒ නිසාම ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමි විය.නමුත් එම ඓතිහාසික තරගයේ විරයා විම සමරන්න චාමික හිටියේ කඩුල්ලක් ගන්න තරම් දුරක නොවේය.අවසන් කඩුල්ල බිඳ වැටෙන විට චාමික පන්දු රකිමින් සිටියේ හතරේ සීමාවේය.එය දැවී යාමත් සමඟ පිටිය ආක්‍රමණය කළ ප්‍රේක්ෂකයෝ චාමිකට වඩා ඉක්මන් වූහ.

මේ ඡායාරූපයේ සිටින ප්‍රේක්ෂකයා අනවසරයෙන් පිටියට ඇතුල්වීම සම්බන්ධයෙන් යම් ආකාරයක තරවටුවකට ලක් විය.සමහර විට පොලිසියට ඕනි වෙන්නට ඇත්තේ ප්‍රේක්ෂකයාගෙන් ඒ කඩුල්ල උඳුරා ගන්නටය.නමුත් තරගය වෙනස් කළ තමන්ට (ඒ වන විට ඔහු වීරයා ද නැද්ද යන්න දන්නේ නැත) කඩුල්ලක් නැතිව වුව ද චාමිකට ආවේ වෙන හැඟීමකි.

“එයාට යන්න දෙන්න එයාලත් අපි වගෙම සංතෝශෙන්”
චාමික ආරක්ෂක නිලධාරීන්ට එසේ කීවේය.කඩුල්ලත් ඔහුට රැඟෙන යන්නට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියේය.ඕනිනම් තමන්ට හිමි නොවුණු කඩුල්ල ඒ ප්‍රේක්ෂකයා හරහා පොලිසිය ලබා ගැනිමෙන් පසුව චාමිකට ඔවුන්ගෙන් ඉල්ලා ගන්නට තිබිණ.එහෙත් චාමික සිඳු කළේ ප්‍රේක්ෂකයාගේ තත්ත්වය තේරුම් ගැනීමය.ඔහු පිඩාවෙන් ඉන්න මිනිස්සු සැතපුම් ගණන් දුර ගෙවාගෙන සහ ඒමට අවශ්‍යය ඉන්ධන දවස් ගණන් පෝලිමේ තැප ලබා ගෙන එන්නේ රට දිනනවා දකින්නය.චාමික ඒ ආදරය සහ උවමනාව ඉක්මණින් කියවා ගත්තේය.ඒ නිසා ඔහු තමන් වගෙම සතුටෙන් තිබෙන,තමන්ගේ සතුට බෙදා ගන්න ඒ ප්‍රේක්ෂක සහදයා වෙනුවෙන සිට ගත්තේය.

“එයාට යන්න දෙන්න එයාලත් අපි වගෙම සංතෝශෙන්”
චාමික එසේ කීවාට ඔහු නිහතමානි වූවාට ජනතාවගේ අදහස් කියන්නට බැරි වෙන්න බලපෑම් කරමින් පුරවැසියාට තමන්ගේ අදහස් ලෝකයට කියන්න ඇති ඉඩ වසන පොලිසියේ මහත්තුරු දේශපාලකයින් තමන්ගේ නිරුවත පෙනෙනවාට ඇති කර ගත් බිය සුළු ලැජ්ජාව වෙනුවෙන් පෙනී සිටියි.එහෙත් සටන් පාඨයකට,ප්‍රේක්ෂකයන්ගේ ජීවන අරගලයට,දේශපාලන විරෝධයට තැති ගන්න ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ නැත.ඔවුන් මේ රට ඉතිහාසයේ මුහුණ දෙන දරුණුම අර්බුදයට ජනතාව මුහුණ දි සිටින බව දැනි මෙහි පැමිණ සිටියි.

දේශපාලකයන්ට ඕනෑ විදිහට වැඩ කරමින් පුරවැසියාට තම නිහඬ විරෝධය පෑමට ඇති ඉඩ වසන පොලිසියෙන් සහ ආරක්ෂක අංශවලින් මඟ හැරෙන්නේ සැබෑවටම ඔවුන්ගේ වගකීමය.රටේ පාලකයන්ට විරුද්ධව පූවරු ප්‍රදර්ශනයෙන් හෝ ඔවුන්ට එරෙහිව විරෝධතා පාඨ කියවීමෙන් ඕස්ට්‍රේලියන් ක්‍රීඩකයන් තැති ගන්නට හේතුවක් නැත.නමුත් මේ ආකාරයට පිටියට කඩා වැදීමෙන් ඔවුන්ට තමන්ට ශාරිරික අඩන්තේට්ටමක් වේය යන්න ගැන සැකයක්,බයක් ඇති වන්නේනම් ඔවුන් තරග කිරීම ප්‍රතික්ෂේප කිරීම වුව කරන්නට ඉඩ ඇත.ඒ නිසා මේ සිඳුවීම චාමිකගේ මනුස්සකම සහ මිත්‍රශිලීත්වය වගේම පොලිසිය සම්බන්ධයෙන් ගත්තොත් බල්ලගේ වැඩේ බූරුවා කර,බූරුවා බූරුවාගේ වැඩේ නොකර සිටීමක් වැනිය.

මීට ඉහත අවස්ථාවක බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදි කොදෙව් ප්‍රේක්ෂකයන් කඩා වැදීම ගැන පන්දුවට පහර දෙමින් සිටි ස්ටීව් වෝ කෙතරම් බියට පත් වූවේද යත් ඔහු පසුව එම සිද්ධිය ගැන කියා තිබුණේ තමන්ට ඔහුට සුපිරි ටෙනිස් ක්‍රීඩිකාවක වූ ස්ටෙපි ග්‍රාෆ් ට පිහියෙන් ඇනපු සිද්ධිය මතක් වූ බවය.ලංකාවේ ආරක්ෂක අංශවල බහුතරයකට එහෙම කියවා හෝ අත්දැකිම් නැත.ඔවුන්ගේ නීතිය ඉහළ නිලධාරියා පවසන දේ වන අතර ඉහළ නිලධාරියාගේ නතිය ආණ්ඩුවේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් වැඩ කිරීමය.බහුතරයක් එබඳුය.

කෙසේ මේ සිඳුවීමෙන් චාමික ක්‍රීඩකයෙක් හැටියට සමාජය ගැන යම් ගැඹුරු කියවීමක ඉන්න බව පැහැදිළිය.මිනිස්සු සතුට හොයමින් සිටියි.ඒ සතුටට චාමික හිස නමමින් .මන් තරඟයේ වීරයා වූ තරගයේ කඩුල්ලක් අමතක කළ ද නායක දසුන් ශානක ඒ අමරණිය මතක සටහන චාමිකට මඟ හැරෙන්න දුන්නේ නැත.දසුන්ගේ කඩුල්ල දැන් චාමික අතය.ක්‍රිකට් අපට මිතුරු වන්නේ අපි ලෝකය ආක්‍රමණය කර ඇත්තේ ක්‍රිඩාවකින් ක්‍රිකට් හරහා නිසා විය යුතුය.ඒ මිතුරු ක්‍රීඩාව සොඳුරු වන්නේ ක්‍රීඩකයින්ගේ ආදරණීය මානව හැඟීම් නිසාය.ඒවා ක්‍රිකට්වලටත් වඩා පුරවැසියාගේ හදවතේ විශාලය.

RM

ප්‍රංශ සේවයේ ඉෂාර කොඩිකාරගේ ඡායාරූපයක්
ප්‍රේක්ෂකයන්ගේ කඩා වැදීමෙන් තැති ගත් ස්ටීව් වෝ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan