*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

මිලියන 75 ක වත්කම් උපයා ගත්තේ කොහොමද ? – විමල්ට එරෙහිව අධිචෝදනා

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා කියවීම අද සිදු කෙරිණි. මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ මෙම නඩුව කැඳවා තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනුකර තිබෙනවා.

විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ 2010-15 සමයේදී ඇමති ධුරයට අදාල වැටුපෙන් සහ වෙනත් වත්කම්වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික දේපල හිමිකාරීත්වයක් දැරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් මෙම නඩුව ගොනුකර තිබිණි.

අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර විමල් වීරවංශ මහතා සඳහන් කළේ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවයි.

නඩුවේ වැඩිදුර විභාගය කල් තබමින් ජුනි මස 28 වැනිදා නඩුව යළි කැඳවීමට මහාධිකරණය තීරණය කළේය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan