අත්අඩංගුවට ගත් ජපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා රිමාන්ඩ් !

Date:

වැඩි මිලට ශල්‍ය උපකරණ විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඔවුන්ව ඊයේ (17) රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සුරසිංහ විජේරත්න, එම රෝහලේ කළමනාකරණ සහකාරවරයෙකු වන කැකුලන්දල ලියනගේ ඉන්දික සහ ඉහත වෛද්‍යවරිය අනීතිකව පවත්වා ගෙන ගිය පුද්ගලික ආයතනයක සේවය කළ කඩවත ප්‍රදේශයේ පදිංචි මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන තිදෙනායි.

ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD සහ VP SHUNT යන අයිතම, වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහල් කාර්යය මණ්ඩලය හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මඟින් එම අයිතම ලබා ගැනීම සඳහා උපදෙස් ලබාදීම තුළින් රෝගී පාර්ශවයට පාඩුවක් හා තමාට හෝ බාහිර පාර්ශවයන්ට අයුතු සහගත ලාභයක් ලබා ගැනීම මෙන් ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මඟින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී ඇත.

EVD යන අයිතමය 2022 වර්ෂයේ දී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රු. 17,500/- ක් පමණ වී ඇත අතර, එහි සාමාන්‍ය වර්තමාන වෙළඳ පොළ මිල රු.46,500/- ක් පමණ වන බවත් අදාළ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලබන බාහිර පාර්ශ්වයන් මගින් රෝගීන් මෙම අයිතමය ලබා ගැනීමේ දී රු. 120,000/- සිට රු.250,000/- පමණ වන වටිනාකම් ඒ සඳහා දැරීමට සිදු වී තිබෙන බවත් සඳහන්.

මේ වන විට මෙලෙස ශල්‍යකර්මයන්ට භාජනය වූ 300ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර, එයින් 77 දෙනෙකුගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන ඇති බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 28...

අභියාචනාධිකරණයේ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල්, රොහන්ත අබේසූරියගේ නම යෝජනා වේ!

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත...

ඇන්ජලෝට දෙපිළේම ගෞරවය

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: දීර්ඝ ටෙස්ට් ක්‍රිකට් තරග...

‘සයුර’ධීවරදෑත් සුරකිනු ඇත!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : කෘෂිකාර්මික හා ගොවිජන...