කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොන්දේසි විරහිතව යටත් විය යුතු බවට ඉරානයට කරන ලද අනතුරු ඇඟවීමකට අනුව ඉරානය කිසි විටෙක යටත් නොවන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සිය රාජ්‍ය මාධ්‍ය හරහා නිවේදනය කර තිබේ.

මේ වන විට තහවුරු නොකළ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවන්ට අනුව, ජනාධිපති ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට සලකා බලමින් සිටින බව වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉරාන උත්තරීතර නායකයා සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද හමුදාව ටෙහෙරානයේ ඊශ්‍රායල ගැටුමට මැදිහත් වුවහොත් නැවත හැරවිය නොහැකි බලවත් හානියක් සිදුවනු ඇති බවයි.

ඒ අනුව, ඇමරිකාව ඊශ්‍රයලයට උදව් කරන්නේ නම් චීනය හා රුසියාව ද ඉරානයට සහය දක්වන බවට එරට රාජ්‍ය නායකයන් සඳහන් කර ඇති අතර ගැටුම මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති අතර ට්‍රම්ප් තීරණය කරන දේ මැද පෙරදිග ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්න හැඩගැස්විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...