අර්බුදය උත්සන්න වෙයි – විශ්වවිද්‍යාලත් එකින් එක වැසෙයි

රටතුළ පවතින ඉන්ධන අර්බුදය ඇතුළු අර්බුද රැසක් හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය අඩපන වී තිබෙනවා. මේ වනවිට රාජ්‍ය සේවකයන්ට සති දෙකක විරාමයක් ලබා දී ඇති අතර නිවසේ සිට වැඩ කිිරීම ලබන සඳුදා සිට ආරම්භ වේ.

පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති අතර පාසල්වලටද සති දෙකක නිවාඩුවක් ලබා දෙන්නේද යන්න පිළිබඳව අද දිනය තුළ තීරණය කිරීමට නියමිතය.

මේ අතර පවති අසීරුතා හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු කල්දමා ඇති බවයි වාර්තා වන්නේ.

නේවාසිකාගාරද වසාදැමීමට පියවර ගෙන ඇති අතර නේවාසිකාගාරවලින් ඉවත් වන්නැයි උපකුලපති, මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා සිසු සිසුවියන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...