ප්‍රවාහන වෘත්තිකයින්ට ඉන්ධන ලබා දීමේ නව සැලසුමක් – ත්‍රී රෝද රථ සඳහා දිනකට තෙල් ලීටර 8ක් දෙන්නත් එකඟතාවක්

Date:

මේ වන විට රට තුළ පවතින් ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන වෘත්තිකයින් මුහුණ දී සිටින දැඩි අසීරු තත්ත්වය හා ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් අද (18) විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ බලශක්ති අමාත්‍යංශයේදී සාකච්ජාවක් පැවැත්විය.

එහිදී ප්‍රමුඛතාව අනුව කූපන් ක්‍රමයට ඉන්ධන ලබා දීමට එහිදී එකඟතාවක් ඇති කර ගත් බවයි එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිකයින්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සම්පත් රණසිංහ මහතා පැවසුවේ.

ඒ අනුව ඉදිරි සති එකහමාරක පමණ කාලය තුළ එම නිශ්චිත ක්‍රමවේදය අනුගමනය කිරීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා සඳහන් කර තිබෙන අතර ඉන්ධන හල් හා ඩිපෝ මඟින් එම ඉන්ධන ලබා දීමටයි නියමිතව ඇත්තේ.

මෙහිදී වෘත්තීය ත්‍රී රෝද රථ සඳහා දෛනිකව ඉන්ධන ලබා දීමට යෝජනා වී ඇති අතර එහිදී එක් ත්‍රීරෝද රථයක් සඳහා ඉන්ධන ලීටර 08 ක් අඛන්ඩව ලබා දීමටත්,කාර්යාල ප්‍රවාහන සහ පාසල් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන වෘත්තික රථ සඳහා සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ඩිපෝ හරහා සහ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් මඟින් එම ඉන්ධන ලබා දීමටත් වැඩපිළිවෙලක් සකස් කරන බවට අමාත්‍යවරයා පොරොන්දු වී ඇත.

යතුරු පැදි සඳහාද එහි අංකය අනුව ඉන්ධන ලබා දෙන දින ගණන නම් කිරීමටත් යෝජනා වී තිබේ.

මෙම සාකච්ජාව සඳහා වෘත්තීය ප්‍රවාහන සංගම් 18ක් එක්ව සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...