*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

“භාෂණයේ අයිතිය සුරකිනු” මැයෙන් නිහඬ විරෝධතාවක් මහනුවරදී

“භාෂණයේ අයිතිය සුරකිනු” මැයෙන් නිහඬ විරෝධතාවක් ඊයේ (17) දහවල් මහනුවර ජෝර්ජ්. ඊ. ද සිල්වා පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්විණි.

එය සංවිධානය කර තිබුණේ 89 සහෝදරත්වය සංවිධානය විසිනි.

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අකුළ් හෙළන සිදුවීම් ගණනාවක් පසුගිය දිනවල දක්නට ලැබුණු බව පෙන්වා දුන් ඔවුහු විශේෂයෙන් ICCPR පනත අවභාවිතා කරමින් පුද්ගලයින් සිරගත කිරීමත් එවන් සිද්ධීන්ට එරෙහිව අදහස් දැක්වූ මාධ්‍යවේදීන්, නීතිවේදීන්, සමාජ ක්‍රියාකාරිකයින් වැනි අයට පොලිසිය හරහා විවිධ බලපෑම් කිරීමත් තරයේ හෙළාදකින බවයි සඳහන් කළේ.

එසේම විකාශන අධිකාරී පනතක් හරහා ජනමාධ්‍ය වෙත බලපෑම් කිරීමේ සූදානමක් ද පවතින බව පෙන්වා දුන් එම සංවිධානය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමක් බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡාව අද නොවේ හෙට යැයි පවසා කල්දැමිය හැකි එකක් නොවන බවත් අවධාරණය කළහ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan