*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

පොරව වෙනුවට නියෙන් ගස් හෙලන්නැයි කියන ක්‍රීඩා අමාත්‍යංශය

නියපොත්තෙන් කඩන්න තිබෙන දේ පොරවෙන් කපන තෙක් වැඩෙන්නට ඉඩ නොදෙන ලෙස අපි කතා බහේදී නිතර පවසති.ශ්‍රී ලංකාවේ ක්‍රිඩා අමාත්‍යංශය ඊට වඩා වෙනස්ය.ඔවුන් පොරවෙන් වෙනස් කළ යුතු දේ ද නියෙන් කඩන්නට යැයි කියන මට්ටමේය.ඊට පස්සෙ ගස බිම හෙළුවාදැයි ප්‍රතිපලය අවඥාවට ලක් කරන නායකත්වයක් සහිත ශ්‍රී ලංකාවේ ක්‍රිඩාව ගැන හොඳම උදාහරණයක් සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රිඩාවන් සැළකිල්ලට ගත් විට පැහැදිළි කර ගැනීම අසීරු නැත.මැලේසියාව ගත්තද ආසියාවේ ශ්‍රී ලංකාවට විටෙන් විට තර්ජනයක් වී ඇති ආසියානු නෙට්බෝල් ජාතීන් දෙකම සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා පහසුකම් සහ අත්දැකීම් හිමි වපසරියකය.නමුත් ඒ තරම් අත්දැකීම් ඇති පහුසකම් ඇති නෙට්බෝල් ක්‍රීඩාව ජාතික කණ්ඩායම් මට්ටමට එන විට පෙරළා දමන්නට වැඩි අවස්ථා ගණනකදී ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට හැකි වී ඇත.ඒ ඔවුන්ට ලැබෙන පහසුකම්,අත්දැකීම් නිසා නොවන ශරීරයට වඩා දරා ගැනීමක් සහිත හිතක් තිබිමේ ආශිර්වාදය නිසා විය යුතුය.අප ආසියානු යොවුන් කුසලානය සම්බන්ධයෙන් අවසාන වරට කරන ලද විග්‍රහයේදී ද මේ බව සඳහන් කළෙමු.

(නමුත් මේ යොවුන් කණ්ඩායම් මෝරා වැඩෙන විට යොවුන් කණ්ඩායම් හැටියට මෙන්ම ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් හැටියටත් ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට වඩා තරග අවස්ථා සහ පහසුකම් මැලේසියාවට සහ සිංගප්පූරුවට ලැබෙද්දිත් ශ්‍රී ලංකාව වැඩිම වරක් නෙට්බෝල් රැජිණන් සේ වැජඹීම අපේ රටේ ක්‍රීඩිකාවන් සහ පුහුණුකාරියන්ගේ තත්ත්වය තේරුම් ගැනීමට හොද අවස්ථාවකි.අවම පහසුකම් යටතේ ඉහළ දස්කම් දැක්වීමට ඇඟට ඇකි හයිය මෙන්ම හිතට ඇති හයිය ද ගරු කළ යුතු බව අපේ විශ්වාසය වන අතර වරින්වර ඇදෙන කෙහෙවලු පටලා ගැනීම් සහිත වෘත්තීයමය භාවයෙන් තොර ගෝත්‍රික ගති ලක්ෂණ නොපෙන්වනවානම්,ක්‍රීඩාවට අවංකව සහ සාධාරණව කැප වේනම් මේ ක්‍රීඩක හයියට සහ පුහුණු හයියට ලැබෙන නිවැරදි ඉඩකඩ ආසියාවේ නෙට්බෝලයේ ශ්‍රී ලංකාව ලබා ඇති කීර්තිය සදාකාලයටම රැක දෙනු ඇත.- https://sinhala.lankanewsweb.net/06/17/58253/)

මේ තත්ත්වය වත්මන් ආසියානු සූරියන්ට ද මේ වන විට විදින්නට සිදු වී ඇත.ඔවුන් වත්මන් ලෝක සූරතාවය හිමි රටේ තරග සංචාරයක නියැලෙන්නට තීරණය කළේය.එයට අවස්ථාව නොලැබෙන්නට මතු වූ එක් තර්කයක් වූයේ ඕස්ටේලියානු ජාතික කණ්ඩායම සමඟ ක්‍රීඩා නොකිරීමය.නමුත් අමාත්‍යවරයාගේ ජාතික ක්‍රිඩා සභාවේ සිටින අර්ජුන රණතුංග ශ්‍රී ලංකාවට දශක දෙකක් ක්‍රීඩා කළ අයෙක් ලෙස දන්නා කාරණයක් ඇත.එංගලන්ත සංචාරයකදී එරට ප්‍රාන්ත කණ්ඩායම් සමඟ තරග කිරීම ජාතික කණ්ඩායමකට සිය දක්ෂතා දියුණු කර ගන්නට හොඳම අවස්ථාවකි.ලොව හොඳම ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩා කරන එංගලන්ත ප්‍රාන්ත තරගාවලියකදී කණ්ඩායම නියෝජනය කිරීම ක්‍රීඩකයෙක්ට ජාතික කණ්ඩායමක් නියෝජනයටත් වඩා අසීරු කරුණක් වන්නේ එබැවින්ය.
ඕස්ට්‍රේලියාවේ නෙට්බෝල් ක්‍රීඩාව තියෙන්නෙත් එබඳු තත්ත්වයකය.ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි ක්‍රිඩිකාව වන තර්ජණී සිවලිංගම් ද එහි ක්‍රීඩා කරන්නීය.නමුත් ආසියානු සූරියන් වූ පමණින් පොකුරු පිටින් අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට ලැබී නැත.ඉතිං ඉතාම තරගකාරී තත්ත්වයක සිටින රටක නෙට්බෝල් සංස්කෘතිය ස්පර්ශ කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලෝක කුසලාන තරගාවලියට පෙර අවස්ථාව නොලැබිණ.එයට පසුව අතුරුදහන්වීමේ ඉඩ ද ඈදෙන්නේය.ක්‍රීඩා කරන්නට නොව නිකං ජීවත්වන්නටත් අසීරු රටක පාලකයන් තමන්ගේ දුර්වලකම් නිසා රට හැර යන්නට හැකිය යනුවෙන් නිතර බයෙන් සිටීම එම අදහසින් ගම වන්නේය.ආසියානු මට්ටමෙන් හෝ එක රඳවා ගෙන සිටින නෙට්බෝල් තියෙන්නේ එවැනි වාතාවරණයක් සහිත,තමන්ගේම පාලනය මිනිස්සුන්ට සුදුසු නැති බව දැනෙන දුර්වල පාලකයන් නිතර සැබෑ දක්ෂයන් සැක කරන පසුබිමකය.
යකාගේ ආකාරයටම විමානය කියන්නා සේ කිසිඳු වගකීමක් නැති ලෝකයේ රටක් නගරයක් හරියට නොදන්න අධ්‍යක්ෂවරුන්ගේ මාර්ගයෙන් ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙන යන බවට පම්පෝරි ඇසෙන ක්‍රීඩා අමාත්‍යංශය ලෝකයේ අංක එකේ නෙට්බෝල් සංස්කෘතියක් නැති වුණත් අංක 24 ට සිටින බොට්ස්වානා සමඟ තරග කිරීමට අවසර දෙන්නේය.

එයද ක්‍රීඩා පරිපාලනයේ නිලධාරින්ගේ රස ජවනිකා සහිත සිදුවීමක් ද ඇතුළත් කරයි.ලෝකයට රටේ ක්‍රීඩාව රැඟෙන යන්නට වගකීම පවරා ඇති ආයතනයක අධ්‍යක්ෂවරයෙක් එම අවසරය දෙන්නේ අප්‍රිකානු රටක් වන බොට්ස්වානි හී නෙට්බෝල් ක්‍රීඩා කරන්නට නොවේය.ඔහුට අනුව බොට්ස්වානා දකුණු අප්‍රිකාවේ නගරයක්ය.
මේ සියලු විකටාංග ලංකාවේ නෙට්බෝල් පරිපාලනය දෙසින් ක්‍රීඩාව ලෝකයට අරගෙන යාමේ වගකීම රැගෙන පිටියට බසින ක්‍රීඩිකාවන් වෙත යොමු වෙද්දී ආසියාවේ අනු සූරයෝ ලෝක කුසලානය පැවත්වෙන දකුණු අප්‍රිකාවේ සංචාරය කරයි.එහිදි ඔවුන් සත්කාරක රටේ දී ක්‍රීඩා කරන බව සැබෑවකි.නමුත් වැදගත් ඒ ක්‍රීඩා කරන කණ්ඩායම් ලොව පස්වැනි තැනට ශ්‍රේණිගතව සිටින රටේය.ඕස්ට්‍රේලියාවේ ක්‍රිඩා සමාජ හා සසදද්දී බොහෝ පහළින් ඇතත්,සිංගප්පූරුවේ නෙට්බෝල් ක්‍රීඩාවට ඉහළින් තිබීම සහ දකුණු අප්‍රිකාවේ තරගාවලිය පැවත්වීම යන කාරණා නිසා ඔවුන්ට ගැටළුවකින් තොරව මේ අවස්ථාව ලබා දීමට සිංගප්පූරුව කටයුතු කර ඇත.

ඒ අඩුම තරමේ ශ්‍රී ලංකාවෙ ලෝකයේ 15 වන තැන සිටියත්,27 වන තැන සිටින සිංගප්පූරුවට ලෝක කුසලාන තරගාවලියේ පියවරක් හෝ ඉදිරියට එන්නට ඒ තරග සංචාරයේදී තල්ලුවක් දීමට එරට ක්‍රීඩා පරිපාලනයට හැඟීමක් තිබෙන බැවින්ය.ශ්‍රී ලංකාවට අවශ්‍යය වන්නේ ආසියානු සූරතාවය ය.එයින් එහා දිනුමක් අවශ්‍යය නැත.15 න් උඩට ඒමටත් අවශ්‍යය නැත.ආවොත් එහෙමය.නාවොත් ඒ ගැන හිතන්නේ ද නැති පරිපාලනයක අභාග්‍ය සම්පන්න බව උරුම කරගෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යන මේ ගමන ගැන ඇත්තටම ක්‍රීඩිකාවන්ට ස්තූතිය පුද කළ යුතු තත්ත්වයක්ය.නැතිනම් ක්‍රීඩාවට පෙරට පියවරක් තබන්නට අවශ්‍යය පිරිස් ක්‍රිඩා අමාත්‍යවරයාගේ සිටම පහළට පරිපාලනයේ නැති තරම්ය.

සිංගප්පූරුවට මේ සංචාරයේදී තමන්ගේ තැන 27 සිට 25 කර ගැනීමට ලැබුණොත් එය ද රටක් හැටියට ඔවුන්ට සතුටු වෙන්නට කරුණක්ය.ඒ තරම් සියුම් වර්ධනයන්වලට පවා ආදරය කරන සහ ඒ වෙනුවෙන් වෙහෙසන සංවේදී පාලනයක් නැති රටක බොට්ස්වානා හෝ යන්නට ලැබීම එක අතකට පුදුමයට කරුණක්ය.ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට පහළ සිටියත්,තද සහ වේගවත් තරමටම ශක්තිමත් ක්‍රීඩිකාවන්ගෙන් ගහන බොට්ස්වානා අභිබවා යාමට ශ්‍රී ලංකාවට ලැබෙන මේ අවස්ථාව අපූරුය.එම අවස්ථාව ජය ගැනීමට අවස්ථාව ලැබුණහොත් තරගාවලිය තුළ යම් ආකාරයක ක්‍රීඩාවට ආදරේ ඇති අයට සතුටු විය හැකි යමක් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වෙනු ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan