සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): 9 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම වෙනුවෙන් මෙහෙයුම් සංචාරයක නිරත වීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් නවතම සබ්මැරීන් යාත්‍රාවක් හෙට (19) දින මෙරටට පැමිණීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
‘වාගීර්’ නම් මෙම සබ්මැරීනය හෙට ( 19) සිට ලබන 22 දක්වා මෙරටදී මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිත අතර එහිදි ඉන්දීය සබ්මැරීන යාත්‍රාවේ අණදෙන නිලධාරීවරයා සහ බටහිර නාවික විධානය භාර ආඥාපතිවරයා අතර හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇතැයි සඳහන් .
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ඉන්දීය සබ්මැරීනය පාසල් සිසුන් සහ නරඹන්නන් වෙත ප්‍රදර්ශනයට විවෘත කිරීම සඳහා ද බලාපොරොත්තු වන බවයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??