බංගලාදේශයේදී කළ රාජකීය හැරවුම

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW:

බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම පළමු තුන්දින තරගයෙන් පරාජයට පත් වුව ද,දෙවන තරගය කඩුලු 9 න් ජය ගනිමින් තරගාවලිය 1-1 ක් ලෙස සම කර ගන්නට සමත් වුණා.ඒ සඳහා කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වූ නායක රෙහාන් පීරිස් පිත්තෙන් මෙන්ම එම විද්‍යාලය හරහා කණ්ඩායමට පැමිණි හිමරු දේශාන් පන්දුවෙන් ද දැක් වූ දස්කම් කැපී පෙණුනා.


පළමු තරගයේ පරාජයේ පීඩාව මතින් නැඟිට තරගාවලියට නැවත ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගන්නට නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස් ලකුණු 182 ක ඉණිමක් ගොඩ නඟමින් ශ්‍රී ලංකාවේ පළමු ඉණිම කඩුලු 7 ට ලකුණු 335 ක් දක්වා රැඟෙන යන්නට සමත් වුණා.ඒ අනුව පළමු ඉණිමට බංගලාදේශය රැස් කළ ලකුණු 122 ට වඩා ලකුණු 213 ක් ඉදිරියෙන් සිටින්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුණා.


ශ්‍රී ලංකාව ඉදිරියේ ඉණිමක පරාජයෙන් බේරෙන්නට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටි බංගලාදේශය එම උත්සාහය ව්‍යර්ථ වෙමින් ඉණිමක පරාජයක් ලබන බවට සළකුණු තබමින් ලකුණු 66 ට කඩුලු 6 ක් ම බිදි වැටුණා.එහෙත් හත්වන කඩුල්ලට ලකුණු 195 ක සබඳතාවයක් පවත්වමින් ශ්‍රී ලංකාවට හිමි වන්නට තිබුණු ඉණිමක ජයග්‍රහණයට හරස් වූ සව්රව් කර්මකාර් ලකුණු 123 ක් සහ ජුනයිඩ් හොසේන් ලකුණු 78 ක් රැස් කරන්නට සමත් වුණා.එහෙත් අවසානයේ එයට එරෙහිව ප්‍රශංසනීය මැදිහත්වීමක් කළ හිමරු සිය වමත් දඟ පන්දුවෙන් බංගලාදේශය නිහඬ කරමින් ලකුණු 93 ට කඩුලු 8 ක් බිඳ දමමින් මුළු තරගයේම බංගලාදේශ කඩුලු 11 ක් 137 ට බිඳ දමන්නට සමත් වුණා.


තරගාවලියේ ජයග්‍රහණය සඳහා වන කුසලානය බංගලාදේශ නායක අද්රිටෝ ගෝස් සහ ශ්‍රී ලංකා නායක රෙහාන් පීරිස් අත සමව රැඳුණ ද,තරගාවලියේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට හිමි කර දෙමින් තරගාවලියේ වීරයා ලෙස හිමරු දේශාන නම් කළ අතර තරගයේ වීරයා බවට රෙහාන් පීරිස් නම් කරන්නට යෙදුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...