හිටපු නියෝජ්‍ය ඇමති ලයනල් ප්‍රේමසිරි සජබට එක්වෙයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ප්‍රේමසිරි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබේ.

ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා වෘත්තියෙන් නීතීඥවරයකු වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා ගාල්ල නගරාධිපතිවරයා ලෙස පත් විය. ඉන් අනතුරුව ඔහු එක්සත් ජාතික පක්ෂයට එක් වී නැවතත් ගාලු දිස්ත්‍රික් නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ලයනල් ප්‍රේමසිරි මහතා 2004 වසරේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු අතර දේශපාලන මතගැටුම් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ ඒ මහතා 2007-2010 කාලයේ සමාජ සේවා සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. එමෙන් ම කැනඩාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ලෙස ද ඒ මහතා කලක් කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සාවාරු ගං ඉවුරෙන් හමු වූ අත්බෝම්බ සහ උණ්ඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : අද (04)දින කින්නියා...

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...