*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

කොදෙව් ලලනාවෝ සූරියවැව දී යළිත් අසරණ වෙති

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 19, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින තරගය ද ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.පළමුව පන්දුවට පහර දුන් කොදෙය් ක්‍රීඩිකාවන් ලකුණු 82 සීමා කරන්නට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතරින් කෑපී පෙණුනම පන්දු යවන්නිය වූ කවීශා දිල්හාරි ලකුණු 20 ට කඩුුලු 4 ක් දවා ගනිමින් කොදෙවී ඉණිමේ මැද සහ අග සුන් කර දැමීමට පෙරමුුණ ගත්තා.


කොදෙය් ඉණිමේ ආරම්භයේ දී ම විණාශය ආරම්භ කරන්නට මැදිහත් වූ කවීශා දිල්හාරි පන්දු රකින්නයක ලෙස ද කැපී පෙනෙමින් පන්දුව කෙළින්ම කඩුල්ලට එල්ල කරමින් කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වූ ශබිකා ගන්ජාබි ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කරමින් කොදෙව් ලලනාවන්ගේ දැවීයාමේ පෙරහැර ආරම්භ කළා.


ආරම්භක පන්දු යවන්නියන් ලෙස අචිනි කුලසූරිය සහ උදේශිකා ප්‍රබෝධනීගේ දායකත්වය ඉතා ඉහළින් පැවති අතර ඔවුන් දෙනොගෙන් අචිනි පන්දු ඕවර් 7 ක් වයමින් ලකුණු 16 ට කඩුලු 2 ක් ලබා ගන්නට සමත් වුණා.උදේශිකා කඩුලු ලබා ගැනීමට අසමත් වූව ද,කොදෙව් පිතිකාරිණියන්ට පිත්ත එසැවීමට ඉඩ නොදෙමින් පන්දු ඕවර් 5 තුළ ලකුණු 5 ක් පමණක් ලබා දෙන්නට සමත් වුණා.චමරි අතපත්තු ලකුණු 8 ට බිඳ දමන ලද කඩුලු ප්‍රමාණය දෙකක් ලෙස සටහන් වුණා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan