කොළඹ පරාජයෙන් පසු සජබෙන් ඇමති වටගලට වටකර පහරදීමේ මෙහෙයුමක්

Date:

කොළඹ මහ නගර සභාවේ බලය අල්ලා ගැනීමට නොහැකි වීමෙන් පසු සමගි ජන බලවේගයේ මාධ්‍ය කණ්ඩායම මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

ජාතික ජන බලවේගයට ආසන 48ක් සහ සජබ ඇතුළු විපක්ෂයට ආසන 69ක් වශයෙන් ලැබී තිබුණු කොළඹ මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීම පිළිබඳව සජබ සිට ඇත්තේ දැඩි විශ්වාසයකිනි. වෙනෙකක් තබා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා ඡන්ද විමසීම පැවති ජුනි 16 වනදා උදෑසන වනවිටත් ඔවුන් සතුව මන්ත්‍රීවරුන් 60 දෙනෙකුගේ අත්සන් සහිත ලේඛනයක් තිබූ අතර විවෘත ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා ඔවුන් එම ලේඛනය සභාවට ඉදිරිපත් කරන ආකාරයත් දක්නට ලැබිණි.

කෙසේවෙතත් අවසානයේ පැවති රහස් ඡන්දයේදී සජබ අපේක්ෂක රීසා සාරුක්ට හිමිවූයේ ඡන්ද 54ක් පමණක් වන අතර ජාජබ අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර්ට ඡන්ද 61ක් හිමිව තිබිණි.

කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ශ්වයෙන් බර කරට ගෙන කටයුතු කළේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ය. ඔහු කලකට පෙර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් ද කටයුතු කළ අයෙකු බැවින් තමන් හොඳින් දන්නා හඳුනන වටපිටාවක් තුළ ඒ මෙහෙයුම සාර්ථකව ඉටුකිරීමට ඔහු සමත් විය.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව සජබ මාධ්‍ය කණ්ඩායම රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සූක්ෂම උපක්‍රම හේතුවෙන් මෙම පරාජය අත්වූ බැවින් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ඔහුට වටකරගෙන පහරදීමට ඔවුන් තීරණය කර ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...

දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!

සටහන: සශිකලා මධුෂාණි දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට...

තුසිත හල්ලොලුවත් අතුරුදන් ?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති...