පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු වැන්නේ තෙවන දිනය නිමාවන විට පැතුම් නිශ්ශංක ගේ ලකුණු 187 ක අති විශිෂ්ඨ ඉණිම නිසා ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 368 ක් ලබා සිටිනවා.එ් අනුව බංගලාදේශ කණ්ඩායම රැස් කරන ලද ලකුණු 495 ට වඩා ලකුණු 127 ක් පසුපසින් ශ්‍රී ලංකාව සිටිනවා.ඒ තවත් කඩුලු 6 ක් අතැතිව බැවින් මෙම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකාවට වැඩි වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කළත්,පිතිකරු නාමාවලියේ සිටින්නේ තවත් එක නමගිය පිතිකරුවෙකු පමණක් බැවින් මෙම ලකුණු 127 හඹායාමේදී වැඩි වගකීමක් දැනට නොදැවී ක්‍රීඩා කරන කමිඳු මෙණ්ඩිස් සහ ධනංජය ද සිල්වා සතු වෙනවා.


තරගය තෙවන දිනයට ඇරඹෙන විට කඩුලු 9 ක් දැවී ලකුණු 484 ක් ලබා සිටි බංගලාදේශය ඉණිම අත්හිටවනු ඇතැයි සිතුවද,ඔවුන් තෙවන දිනයේ දී සිය ඉණිම ක්‍රියාත්මක කරමින් ලකුණු 500 සීමාවට ළඟා වීමට උත්සාහ කළා.ඒ ලකුණු 500 යන බැරියරය ඉක්මවීම බංගලාදේශයට වඩා ශ්‍රී ලංකාවට පනවන පීඩනය සහිත බැරියරයක් වන බැවින් විය යුතුයි.එහෙත් අසිත ප්‍රනාන්දු සිය සිව්වන කඩුල්ල ලෙස නහීඩ් රානා දවා ගැනිමත් සමඟ ලකුණු 500 ට ලකුණු 5 ක් මෙපිටින් බංගලාදේශ ඉණිම නිමා කර ගනිමින් ශ්‍රී ලංකාව 500 පීඩනයෙන් ගැලවුණා.


ඉණිම ආරම්භ කිරීමට පැමිණි පැතුම් නිශ්ශංක සහ ටෙස්ට් කෝඩුකාර ලහිරු උදාර අතරින් ලහිරු වැඩි ප්‍රවේගකාරීත්වයක් පෙන් වූ අතර එම වේගයට කණ්ඩායමේ මුළු ලකුණු ප්‍රමාණය 47 ක් ව තිබියදී තිරිග වැටෙද්දී ලහිරුගේ පළමු ටෙස්ට් ඉණිම ලකුණු 29 ක් ලබා සිටියදී නිමාවට පත් වුණා.දෙවන කඩුල්ලට පැතුම් සහ දිනේෂ් චන්දිමාල් (54) එක්ව දෙවන කඩුල්ලට ඇති කරන ලද සබඳතාවය ලකුණු 157 ක් වූ අතර දෙවන කඩුල්ල ලකුණු 204 දී දැවෙන විට බංගලාදේශ ලකුණු පූවරුව විසින් ගොඩ නඟා තිබූ පීඩනය ශ්‍රී ලංකාවෙන් බොහෝ දුරට සේදි ගොස් තිබුණා.


සිය අවසන් ටෙස්ට් ඉණිම විය හැකි ඇන්ජලෝගේ ඉණිම ලකුණු 39 න් යුක්ත වුණේ ලකුණු 89 ක තෙවන කඩුල්ලේ සබඳතාවයක්ද සමඟයි.සිව්වන කඩුල්ල ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම පහත වැටෙද්දි මුළු ලකුණු සංඛයාව 331 ක් ව තිබුණු අතර පැතුම්ගේ දායකත්වය සටහන්ව තිබුණේ පන්දු 256 දී හතරේ පහර 23 ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 187 ක් ලෙසයි.එතැන් සිට දිනය නිමාවන විට තවත් ලකුනු 37 ක් එක් වූ අතර නොදැවී කඩුල්ලේ සිටින කමිඳු මෙණ්ඩිස් ලකුණු 37 ක් ද,නායක ධනංජය ද සිල්වා ලකුණු 17 ක් ද ලබා සිටිනවා.
පහතින් ලකුණු සටහනට පිවිසෙන්නට හැකියාව තිබෙනවා.→ https://bit.ly/4kOV3HD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව...

මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික සබ්මැරීන නිශ්පාදනයෙන් ‘ඉදිරියට යාමට’ සූදානම්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක...