මුලතිව්, විශ්වමඩු ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඊයේ (18) රාත්රියේ නොසන්සුන්තාවක් ඇති වී තිබේ.
ඒ, ප්රදේශවාසීන් සහ හමුදා නිලධාරීන් පිරිසක් අතර යම් ගැටුම්කාරී තත්වයක් උද්ගත වීමෙනි.
සිද්ධිය පාලනය කිරීම සඳහා හමුදාව අහසට වෙඩිතබා ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු හමුදා භාරයට ගෙන පොලිසියට භාරදී ඇති බවත් සඳහන්.
සිද්ධියෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වන අතර පුදුකුඩිඉරුප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
RN