අදික උෂ්ණත්වය හේතුවෙන් හජ් වන්දනාවේ ගොස් මියගිය සංඛ්‍යාව 562 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 20,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මිලියන දෙකකට අසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වෙතයි සලකන මෙවර හජ් වන්දනාවේ සෞදි අරාබියේ මක්කම ග්‍රෑන්ඩ් පල්ලියේ කඅබා වෙත ගමන ආරම්භ කළ සිය ගානකට උණුසුම මරන්තිකව බලපා ඇති බව වර්තා වේ.

ඒ අතරින් අවම වශයෙන් පුද්ගලයින් 562 දෙනෙකු මියගොස් තවත් 118 ක් අතුරුදහන් ව ඇති අතර ඊයේ(19)දිනයේ මක්කම උෂ්ණත්වය සෙල්සියස් අංශක 51 (ෆැරන්හයිට් 124) ඉක්මවා තිබිණි.

මියගිය අය අතර 307 දෙනෙකු ඊජිප්තුවෙන් පැමිණි වන්දනාකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.

මෙහිදී වන්දනාකරුවන් මහා පල්ලියේ කැට හැඩැති ගල් ව්‍යුහයක් වන Kaaba වෙත හජ් අතරතුර, වන්දනාකරුවන් ශතවර්ෂ 14 කට පෙර මොහොමඩ් නබිතුමා විසින් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්වූ පරිදි ආගමික වතාවත් සිදු කරන අතර හජ් උත්සවයේ ඒකාබද්ධ කොටසක් වන අරෆත් කන්ද තරණය කිරීම වැනි චාරිත්‍රානුකූල කොටස් මිනිස් සෞඛ්‍යයට ඇදහිය නොහැකි තරම් භයානක වී ඇති බව දේශගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

මේ සම්බන්ධයෙන් සෞදි සෞඛ්‍ය බලධාරීන් පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා එළිමහනේ නොසිටින ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශන ලබා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...