රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට භාර දෙයි!

0
356
A wide view of the 19th session of the Human Rights Council. 2 March 2012. Photo by Jean-Marc Ferré

සටහන – රෂිකා හෙන්නායක ජුනි 20 , කොළඹ (LNW):

රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙන අතර, මානව හිමිකම් කවුන්සිලයේ 56 වන සැසිවාරයට සමගාමිව ඊයේ ( 19) දිනයේ එම වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

මෙලෙස වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ, ඇමෙරිකාව / බ්‍රිතාන්‍යය / කැනඩාව / මලාවි / මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩොනියාව යන රටවල් සමුහයයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබදව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සමබන්ධයෙන් වගවීම පිළිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරයාගේ වාර්තාවට මෙමගින් ස්තූතිය පළ කර තිබෙන බව සඳහන් වේ.

මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව ද එම රටවල් සිය වාර්තාව මගින් දන්වා තිබෙන බවද පැවසේ.ත්‍රස්තවාදය මර්දනය කිරීම / අන්තර් ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් හදුන්වාදෙන නව නීති ද සකස් කළ යුත්තේ සියලුදෙනාගේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම මානව හිමිකම් ආරක්ෂා වන ආකාරයෙන් බව වාර්තාවේ සඳහන් වේ.

යාපනය අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් නිදහස් කිරීම පිළිබද සිය ප්‍රසාදය පළ කරන එම රටවල් උතුර / නැගෙනහිර ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙස ද දැනුම් දී තිබෙන අතර, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් අක්‍රමවත් සොදිසි කිරීම් පොලිස් මෙහෙයුම් අතරතුර රදවා ගැනීම් පිළිබඳව ඔවුන්ගේ කනස්සල්ල ද එම වාර්තාවෙන් පෙන්වා දී ඇති බව පැවසේ.