ඉන්දියාවේ රහසිගතව නිෂ්පාදනය කරන මත්පැන් විෂවීම හේතුවෙන් අවම වශයෙන් 34 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 20,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කල්ලකුරුච්චි ප්‍රදේශයේ රහසිගතව නිෂ්පාදනය කරන මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඒවා විෂ වීමෙන් අවම වශයෙන් 34 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම මත්පැන් පානය කළ පුද්ගලයන්ට ක්ලාන්තය, හිසරදය, වමනය, ඔක්කාරය, බඩේ කැක්කුම සහ ඇස්වල වේදනාව වැනි රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් පුද්ගලයන් 80 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ,

මෙම රහසිගතව නිෂ්පාදනය වන මත්පැන් වලට මෙතනෝල් වැනි විෂ සහිත මධ්‍යසාර එකතු කරන බව විශ්වාස කෙරෙන අතර මේ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතියි.

ඉන්දියාවේ සෑම වසරකම රහසිගතව නිෂ්පාදනය වන මත්පැන් විෂ වීම හේතුවෙන් විශාල ප්‍රමාණයක් මිය යන අතර මෙතනෝල් අන්ධභාවයට, අක්මාවට හානිවීමට සහ මරණයට හේතු විය හැක.

ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය එම්කේ ස්ටාලින් මියගිය අයගේ පවුල්වලට රුපියල් මිලියනයක (ඩොලර් 12,000; පවුම් 9,425) වන්දි මුදලක් සහ රෝහල් ගත කළ අයට රුපියල් 50,000 බැගින් වන්දි ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...