*
Friday, July 5, 2024
spot_img

Latest Posts

(VIDEO):සජිත්ගේ නරක කාලය උදාවෙලාද? රාජ්‍ය අනුග්‍රහයෙන්ම ඇරඹි සජිත් – ෆොන්සේකා සටන මෙන්න!

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සිය පක්ෂයේ ඉදිරි පෙළ නායකයින් දැඩිව විවේචනය කරමින් සභාව ඇමතුවේය.

මීට දින තුනකට පෙර තමන්ට පාර්ලිමේන්තුවේ කතාවක් ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් වෙලාව ඉල්ලා සිටි අවස්ථාවේ තමන්ට කතා කිරීමට අවස්ථාව නොදෙන ලෙස උපදෙස් ලැබී ඇති අතර ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් වැඩ කරන්නේද යන්නත් විමසා සිටි බව සරත් ෆොන්සේකා මහතා පවසන ලදී.

ඒ අනුව අද තමන් මෙලෙස සභාව අමතන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් බවයි ෆොන්සේකා මහතා පැවසුවේ.

සිය කතාව ආරම්භ කරමින් සරත් ෆොන්සේකා මහතා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාව දැඩිව විවේචනය කළ අතර මේ වන විට සජබ දේශපාලනය ද අරක්කුවලට යට වී ඇති බව අවධාරණය කළේය.

තමන්ගේ ආසනයටද අලුත් සංවිධායකයෙක් පත් කර තිබෙන අතර මෙතෙක් කාලයක් එක අරක්කු වීදුරුවක් නොදී තමන් කළ දේශපාලනය දැන් අරක්කුවලට යට කර ඇති බවත් දන්සල් අතරෙත් අරක්කු බෙදන බවද ෆොන්සේකා මහතා පැවසීය.

තමන් පාර්ලිමේන්තුවේ කතාවක් ඉල්ලා සිටියේ වැදගත් ආකාරයට දේශපාලනය කරන තැනැත්තෙක් ලෙස යැයිද ෆොන්සේකා මහතා කියා සිටියේය.

”අපි මිනිස්සුන්ට අරක්කු දීලා දේශපාලනය කරන්නේ නැහැ. අපි පගා ගහල නැහැ. මම මාහාමාර්ග ඇමැතිවෙලා ඉඳගෙන අධිවේගී මාර්ගවලින් පගා ගහල, අධිවේගයෙන් තුනෙන් එකක් හදල, හදපු ඒවගෙත් කොන්ක්‍රීට් කඩන් වැටෙන තත්ත්වයට ගිහිල්ලා, මමයි මගේ දුත් එක්ක එකතුවෙලා පගා ගහල එහෙම කරලා නෙවෙයි අපි දේශපාලන කරන්නේ. එහෙම නැත්නම් මම කොළඹ ඉන්න කැසිනෝ කාරයින්ගෙන් ජාවාරම්කාරයින්ගෙන් සල්ලි අරගෙන පාසල්වලටයි ඉස්පිරිතාලවලටයි බඩු බෙද බෙද යන්නේ නැහැ. මම අරක්කු වීදුරුවක්වත් දෙන්නේ නැතුව දේශපාලනය කරන්නේ. ඒ නිසා අපට මේ වරප්‍රසාද ලැබෙන්න ඕනේ. දැන් මගේ ආසනයට දාලා ඉන්නවා දිස්ත්‍රික් සංවිධායකයෙක් කියල එකෙක් කොහෙන්ද ගෙනල්ලා මගේ ආසනේ ඔක්කොටම අරක්කු බෙදනවා. මගේ ආසනයේ දේශපාලනය කරපු අවුරුදු හතට අරක්කු වීදුරුවක් කාටවත් දුන්නෙත් නැහැ. කවුරුවත් ඉල්ලුවෙත් නැහැ. වෙසක් එකට දන්සලක් දාලා නුඩ්ල්ස් බෙදනවා. ඒක පිටිපස්සේ දිස්ත්‍රික් සංවිධායකයා අරක්කු බෙදනවා. කසිප්පු වෙන්නත් පුළුවන්. මේ වගේ දේවල් වෙනකොට මේ රටේ අනාගතය ගැන කණගාටුවක් ඇති වෙන්නේ.ජාවාරම්කාරයින්ගෙන් කැසිනෝ කාරයින්ගෙන් සල්ලි අරන් බඩු බෙද බෙද ගිහින් මේක නේද ඉල්ලන වෙනස කියල අහනවා.”

ඒ අනුව එවැනි තකතීරු දේශපාලඥයෝ රටේ අනාගත නායකයෝ වීමටත් බලාගෙන සිටින බවයි ෆොන්සේකා මහතා තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan