“උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමට ජංගම වැඩසටහනක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 20 , කොළඹ (LNW):

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර තිබෙන අතර, ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගම තුළට ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගෙන කඩිනමින් සින්නක්කර ඔප්පු නිකුත් කිරීමට මෙමඟින් බලාපොරොත්තු වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම ඵලදායිතා සහ ඉඩම්) චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය,

““උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට රට පුරා ඉඩම් ඔප්පු විශාල ප්‍රමාණයක් ලබාදී තිබෙනවා.මෙම වැඩසටහන සක්‍රීයව රට පුරා ක්‍රියාත්මක වන අතර එය තවත් වේගවත් කිරීම සඳහා ජංගම සේවාවක් ආරම්භ කිරීමටද කටයුතු යොදා තිබෙනවා.ඒ අනුව මේ මස 26 වනදා සිට 30 දක්වා දිනවල දීප ව්‍යාප්තව ජංගම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.මේ ජංගම වැඩසටහන සඳහා ඉඩමක සින්නක්කර ඔප්පුව ලබාදීමට අදාළ සියලුම රාජ්‍ය නිලධාරීන් සහභාගි වීමට නියමිතයි.

බලපත්‍ර ලාභියා කළ යුත්තේ ඔහු අත තිබෙන බලපත්‍රය හෝ දීමනා පත්‍රය ඉදිරිපත් කිරීම පමණයි.අනෙක් සියලුම මිනුම් කටයුතු, ලේඛන කටයුතු රාජ්‍ය නිලධාරීන් විසින් සකස් කර දෙනවා.මෙම වැඩසටහන සමඟ රෙජිස්ටර් දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ වෙනවා.ඒ වගේම මේ සඳහා ඉඩම් බලපත්‍ර ලාභියාගෙන් කිසිදු මුදලක් අය නොකරන බවද සඳහන් කළ යුතුයි.”

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2028 ණය ගෙවන්න නම් ආර්ථිකයේ ගැඹුරු පරිවර්තනාත්මක වෙනසක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ...

හරි හරි දැන් අපි ගැහුව ඒවට අපිට රිටර්න් හම්බුණා! දැන් ඔය ළමයි ගිහින් නිදාගන්න!

සටහන – පුලීජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් කටාර්...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"එක්සත් අරාබි එමීර්...

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...