ගුරුවරු බඳවා ගැනීම ගැන රජයේ තීරණය අලුත් වෙයි!

කොළඹ LNW:ඉදිරියේදී ගුරුවරු බඳවා ගැනීමේදී විෂයානුබද්ධව පමණක් බඳවාගැනීම් සිදුකරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(20) පාර්ලිමේන්තුවේදී ජාතික පාසල්වල ගුරු හිඟය සම්බන්ධයෙන් යොමුකළ වාචික් ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ අනුව උපාධිධාරින් සහ විද්‍යාපීඨ බඳවාගැනීම් වලදී විෂයානුබද්ධ ගුරුවරු බඳවා ගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ජාතික සහ පළාත් පාසල්වලද ගුරුවරුන්ගේ දත්ත පද්ධතිය නිසායාකාරව යාවත්කාලීන වී නැති බවත් ගුරුවරුයාා උගන්වන්නේ කුමන පාසලේද, විශ්‍රාම යන දිනය ආදී තොරතුරු නිසි පරිදි යාවත්කාලීන කර ඉදිරියේදී ගුරු හිඟය විසඳීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...