ගුරුවරු බඳවා ගැනීම ගැන රජයේ තීරණය අලුත් වෙයි!

කොළඹ LNW:ඉදිරියේදී ගුරුවරු බඳවා ගැනීමේදී විෂයානුබද්ධව පමණක් බඳවාගැනීම් සිදුකරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(20) පාර්ලිමේන්තුවේදී ජාතික පාසල්වල ගුරු හිඟය සම්බන්ධයෙන් යොමුකළ වාචික් ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ අනුව උපාධිධාරින් සහ විද්‍යාපීඨ බඳවාගැනීම් වලදී විෂයානුබද්ධ ගුරුවරු බඳවා ගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ජාතික සහ පළාත් පාසල්වලද ගුරුවරුන්ගේ දත්ත පද්ධතිය නිසායාකාරව යාවත්කාලීන වී නැති බවත් ගුරුවරුයාා උගන්වන්නේ කුමන පාසලේද, විශ්‍රාම යන දිනය ආදී තොරතුරු නිසි පරිදි යාවත්කාලීන කර ඉදිරියේදී ගුරු හිඟය විසඳීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...