ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලී
ජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 දැක්කම හුරුබුහුටි, තවකෙකුට මේ මොන විකාරයක් දැයි සිතෙන, ගෝලීයව ජනප්‍රියත්වයට පත්ව තිබෙන සෙල්ලම් කී ටැග් එකක් තමයි මෙන්න මේ “Labubu” කියන්නේ.


හොංකොං හි නිර්මාණකරුවෙකු වූ කේසිං ලුන්ග් විසින් නිර්මාණය කරන ලද මෙම ජනප්‍රිය එකතු කළ හැකි සෙල්ලම් බඩු චරිතයක් වන Labubu නෝර්ඩික් ජනප්‍රවාදයෙන් ආභාෂය ලැබූ “ද මොන්ස්ටර්ස්” හි දක්නට ලැබුණු පොඩ්ඩෙකි. Labubu යනු පුළුල් ඇස්, උල් වූ කන්, චූටි දත් ​​සහිත දඟකාර සිනහවක් සහ ලොම් සහිත ශරීරයක් ඇති සුරතල් සෙල්ලම් සත්ත්වයෙකි.

හොලිවුඩයේ ජනප්‍රියත්වයට පත් රිහානා, ඩුවා ලිපා, කිම් කර්ඩාෂියන් සහ බ්ලැක්පින්ක් හි ලීසා ද මේ වනවිට Labubu ට ඇබ්බැහිව සිටින අයවලුන් අතර වීම ද විශේෂත්වයකි.


සාමාන්‍ය ජනතාව ද ඒ හා සමානව Labubu ට උමතු වී ඇති මෙවන් පරිසරයක Labubu මිලදී ගැනීමට දිගු පෝලිම් ඇති වී තිබීම දේශීය පුවත්වල සිරස්තලයක් බවට ද පත් වී ඇති තිබේ.

එවැනි දරුණු තරඟකාරිත්වයක් මධ්‍යයේ එය ලබා ගැනීමට හැකි වූ අයවලුන් ජයග්‍රහණයක් ලබා ගත්තාක් මෙන් හැසිරේ.

Labubu කෙරෙහි ලෝකයේ ආකර්ෂණය පසුගිය වසර තුළ පොප් මාර්ට් හි ලාභ තුන් ගුණයකින් වැඩි කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...