IMF නියෝජිත පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (20) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, ශ්‍රී ලංකාව අයදුම් කර ඇති මූල්‍ය සහාය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ය.

ඒ අනුව ඔවුන් සතියක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් සාකච්ඡා පවත්වනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.

RN