මුදල් අමාත්‍යාංශය ආසන්නයේ විරෝධතා නිසා IMF කණ්ඩායම අග්‍රාමාත්‍ය කාර්යාලයට

Date:

අද (20) පෙරවරුවේ මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිස සමග මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබුණත් ඒ ආසන්නයේ පවතින විරෝධතා හේතුවෙන් ඔවුන්ව මුදල් අමාත්‍යාංශය කරා රැගෙන ඒමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

ජනාධිපති කාර්යාලයේ සෙසු ගේට්ටු ද අවහිර කරමින් අද දිනයේදී ආරම්භ වුණු විරෝධතා නිසා ලෝටස් වටරවුම අසල මාර්ගය අවහිර වී ඇති හෙයින් මුදල් අමාත්‍යාංශය කරා වාහනවලට පිවිසීමටත් නොහැකි වී තිබේ.

ඒ අනුව කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා සඳහා පැමිණි IMF නියෝජිත පිරිස මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත කැඳවා ගෙන ගොස් ඇති අතර එහිදී සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...