ධම්මිකට එරෙහි පෙත්සම් විභාගයට ගැනීම ගැන තීන්දුව අද සවස …

Date:

ධම්මික පෙරේරා මහතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලෙමින් පවතී.

ඒ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සංඛ්‍යාව 5කි.

ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර සහ ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි යන මහත්වරුන් පෙනී සිටින අතර පැමිණිලිකාර පාර්ශ්ව වෙනුවෙන් ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතීඥවරුන් පිරිසක් පෙනී සිටිති.

මෙම පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද (20) සවස ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සඳහන්.

ධම්මික පෙරේරා මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කරමින් පසුගිය 10 වනදා මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණු අතර ඒ අනුව ඒ මහතා හෙට පෙරවරුවේදී පාර්ලිමේන්තුවෙහි දිවුරුම් දීමට නියමිතව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...