හෙට තරගයට මෙන්ඩිස් සූදානම් – අවශ්‍ය උනොත් වනිඳුත් සූදානම් !

Date:

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ සිව්වැනි එක්දින තරගය හෙට (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරග 03 ක් අවසන් වනවිට ශ්‍රී ලංකාව 2-1 ක් ලෙස ඉදිරියෙන් සිටී.

තෙවැනි එක්දින තරගයේදී පන්දුවට පහරදෙමින් සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් හෙට තරගයට සහභාගි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය නිළධාරීන් පවසනවා. ඔස්ට්‍රේලියානුවන් ලබාදුන් ඉලක්කය හඹායමින් පැතුම් නිශ්ශංක සමග දෙවැනි කඩුල්ලට සාර්ථක සබඳතාවයක් පවත්වමින් සිටියදී මෙන්ඩිස් ආබාධයකට ලක් වූ අතර ඒ වනවිට ඔහු ලකුණු 87 ක් ලබාගෙන සිටියේය. එම සබඳතාවය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රබල දායකත්වයක් දැක්වීය.

ශ්‍රී ලංකා කණ්ඩායම බාර වෛද්‍යවරුන් පවසන්නේ මෙන්ඩිස්ගේ ආබාධය සාමාන්‍ය තත්වයේ එකක් බවයි.

ආබාධයකට ලක්ව සිටින තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසංගද මේ වනවිට සුවය ලබමින් සිටින අතර අවශ්‍ය වුවහොත් ඔහුද හෙට තරගයට සහභාගිවීමට සූදානමින් සිටී. කෙසේ නමුත් ඔහු වෙනුවට කණ්ඩායමට කැඳවූ ජෙෆ්‍රි වැන්ඩසේ දක්ෂතා අතර සිටින බැවින් වනිඳු හසරංගට හෙට තරගයේදීද විවේකයක් ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ බළධාරීන් කටයුතු කරනු ඇත.

ආබාධයකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලකට හෙට තරගයද අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ. මේ නිසා නිරෝෂන් දික්වැල්ලට හෙට තරගය සඳහාද සහභාගිවීමේ අවස්ථාව හිමි වේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමටද මේ වනවිට බරපතල ගැටලුවක් වී තිබෙන්නේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ආබාධවලට ලක්වීමයි. විශේෂයෙන් ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය දුර්වල වී ඇති අතර මිචෙල් ස්ටාක්, ඇඩම් සම්පා, ඇෂ්ටන් අගා ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට එක්දින තරගාවලිය අහිමි වී තිබේ. තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් තෙවැනි තරගයට සහභාගි වූ නමුත් ආබාධ හේතුවෙන් ඔහු පන්දු යැවීම සඳහා භාවිතා කළේ නැත.

තීරණාත්මක ටෙස්ට් තරගාවලිය හේතුවෙන් ටෙස්ට් කණ්ඩායමේ නායක පැට් කමින්ස්ද එක්දින තරගාවලියට සහභාගි නොකිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බළධාරීන් තීරණය කර තිබෙනවා.

මෙම තත්වය මත සංචාරක කණ්ඩායමේ ශක්තිය දුර්වල වී ඇති අතර එය සත්කාරකයන්ට වඩාත් වාසිදායක පසුබිමක් නිර්මාණය කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...