වසර 23 ක චෝදනාවලින් සර්පයා නිදහස් !

සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් නන්දසේන මහතා සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියා ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හසිත සම්පත් මුහන්දිරම් මහතා (සර්පයා) නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.

අදාල ඝාතනය සම්බන්ධයෙන් ගොනුකර තිබූ මහාධිකරණ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරිණි. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

1999 සැප්තැම්බර් මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී රත්නපුර කලවාන ප්‍රදේශයේදී හිටපු පළාත් සභා මන්ත්‍රී රංජිත් නන්දසේන මහතා සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ දීපාල් ගුණසිංහ මහතා ඝාතනය කර ඔවුන් පැමිණි වෑන් රථයට දමා ගිනි තබා අනර්ථයක් සිදුකළ බවට චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ හසිත මුහන්දිරම් මහතාට එල්ල වූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අසමත් වී ඇති බවයි. ඒ අනුව සැකකරු අදාල චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය තීන්දු කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...