*
Friday, April 26, 2024
spot_img

Latest Posts

අපිට අපේම අගමැති කෙනෙක් දෙන්න – පොහොට්ටු මන්ත්‍රීවරුන් ජනපතිගෙන් ඉල්ලයි

පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි වූ මෙම රැස්වීමේදී අතිශය උණුසුම් තත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.

අගමැතිවරයා සම්බන්ධයෙන් කිසිදු විස්වාසයක් නොමැති බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා මාසයකට වැඩි කාලයක් අගමැතිවරයා ලෙස කටයුතු කළත් රටට කිසිදු යහපතක් සිදුව නොමැති බවයි ඔවුන් පෙන්වා දී තිබෙන්නේ.

පක්ෂය තුළ සිය නායකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රශ්නවලින් පැනයාම පුරුද්දක් කරගෙන ඇති වික්‍රමසිංහ මහතා ආණ්ඩුව තුළද එවැනිම හැසිරීමක් පෙන්වන බවත්, සාකච්ඡාවකට පැමිණියද ප්‍රශ්නවලට පිළිතුරු නොදී කලින් නැගිට යන බවත් මන්ත්‍රීවරුන් පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා විස්වාස කළ අගමැතිවරයාට සහාය පළකිරීම පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ නමුත් අගමැතිවරයාට පොදුජන පෙමුණේ මන්ත්‍රීවරුන් පිළිබඳව කිසිදු විස්වාසයක් නොමැති බවත් ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ පොදුජන පෙරමුණ පිළිබඳව, පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම පිළිබඳව විස්වාසය තබන පුද්ගලයෙකු අගමැති තනතුරට පත් කරන ලෙසයි.

සුපුරුදු පරිදි අගමැතිවරයා අද දිනයේද රැස්වීම අතරමැද ඉවත්ව ගිය බවයි වාර්තා වන්නේ.

අගමැතිවරයා සහ මන්ත්‍රී කණ්ඩායම අතර මතුව ඇති අර්බුදකාරී තත්වය විසඳන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති අතර, හෙට පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී කණ්ඩායමට අගමැතිවරයා මුණගස්වන බවටද ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan