*
Monday, November 25, 2024
spot_img

Latest Posts

ඩස්පින්: ඕජස්වලට සෙන්ට් කළවම් කිරීම

“පට්ට බොරු ලියනව කියලා දන්න එව්වො ඇයි බං පත්තරවල තියාගෙන ඉන්නෙ?”
කටට දාගෙන හපන පෝක් කෑල්ල තලු මර මර යාළුවා අහනවා.

‘බෝධිසත්ව ලීලාවෙන් සමරයි’ කියලා මම භාගෙ ගද්දි ෆුඩ් සිටියෙ එකා කිව්වට දැන් භාගෙ දෙකට බෙදිලා කාලකණ්නි ගාණට වැටිලා අපි ඉන්නෙ.

“ලියන එවා ඔයාල බලන්නෙ ඔයාලට තියෙන මූලික විශ්වාස එක්ක,එතකොට ඒ අදහස ගැලපෙන්නෙ නැත්නම් ඔයාල කියන්නෙ බොරු කියලා.ඒක ලියන එකාගෙ අවුලක් නෙමෙයි බං. උඹලගෙ ස්ථාවරයෙ අවුලක්”

මම ටිකක් පපුව පුම්බලා කිව්වා.

“එතකොට කවුරු හරි අඟහරු ලෝකේ ගඩොල් ගැන ලිව්වත් අපි විශ්වාස කරන්න ද ඕනි.”

“එහෙම ඉතිං මනුස්සෙක්ට හිතන්න අයිතිය තියෙනවා.ප්‍රබන්ධ කතාවක් වුණත් පත්තරයක යනකොට ඒක ඇත්තමයි ද නැද්ද කියන්න බැහැ.ඒකට ලියන ලේඛකයාට බනින්නත් බැහැ.”

මම සාවධානව පැහැදිළි කරල දුන්නා.

“එතකොට පත්තරවල ‘ප්‍රබන්ධ නිව්ස්’ ලියන්නත් පුළුවන්ද?”

මනුස්සය විඳුරුව අහස බලාගෙන හිස් කරලා මා දිහා බලාගෙන ඉදලා ඇහැව්වා.

“නිව්ස් ප්‍රබන්ධ වෙන්නෙ නැහැනෙ.ඒවා ඉතිං සිදුවීම්නෙ වාර්තා කරන්නෙ.”
මම ඉතිං තවම වැඩේ අත ඇරලා නැහැ.මාධ්‍යකරුවා බේරගන්න සටනෙ.
“සමහර වෙලාවට එහෙම ප්‍රබන්ධ මැවිම් කරනවා.ඒවට නම දාන්නෙ නැහැ.නම හෙළිදරව් නොකරන එකට තමයි ජෝන් ඩෝ කියන නම පාවිච්චි කරන්නෙ.ජෝන් ඩෝ එකට තව අර්ථයක් තියෙනවා.ඒ හඳුනානොගත් මළ සිරුර කියන එක.”
මම ඉතිං විස්තර කරලා තව කියලා දුන්නා.

“අපිනම් ජෝන් ඩෝ ගැන දන්නවා.ජෝන් ඩෝ කියන නමින් කරන සාවද්‍ය ප්‍රකාශ තමන්ගෙ නමෙන් ලියන මේ මරණකුලසූරියට මොකද කරන්නෙ.”

මනුස්සය ස්ක්‍රීන් ෂොට් එක පෙළට පෙන්නගෙන යනවා.හරියට මල සිරුරුක් කතා කරයි වගෙ.මං මනුස්සය මොන විදිහට වැඩ කළත් හිතාගෙන ඉන්නෙ රජෙක් ගාණට නිසා ඒක කල්පනා කරලා රජෙක්ගෙ “බයෝග්‍රැපි එකක් වගෙ “ කියලා කිව්වා.
“රජෙක්”

මිත්‍රයා කාල භාගෙත් පන්නල ගාණට පොඩි සද්දයක් දැම්මා.

“නැහැ නැහැ ඉතිං ඕනිම සත්ව කොට්ඨාශයකට රජවරු ඉන්නවනෙ.”
මං කේන්තිය මාරු කරන ගියර් එක පාවිච්චි කළා.

“මුං මචං ඔළුව අතගෑවම තණකොළ ගහක්වත් කපා දෙන එකාට වඩා ඔළුව අතගාන එකාට ආදරේ කරන ගොන්නු වගෙ.කවුරු හරි එකෙක් කරට අත්දාලා කොහොමද කියලා ඇහැව්වම උ් ලෝකෙම ඉන්න හොඳම නායකයා කර ගන්නවා.ඊට පස්සෙ ඌව පිනවන්න,තමන්ට මොනව හරි දෙයක් ලැබෙයි කියලා හිතලා වගේම තමන් කැමති නැති එකෙක් උට විරුද්ධව ඉන්න එකත් අල්ලගෙන මොනව හරි ලියනවා.ඒකෙන් සමහර වෙලාවට හානි වෙන්නෙ තමන් කැමති එකාටමයි”

මං ඉති පස්සෙ මට දැනෙන විදිහට ඒ මල සිරුරු ගැන පශ්චාත් පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරා.

“මුං ඉතිං උදව් කරනවා කියලා හිතන්නෙත් ඒ වගෙම ගොන්නු.මේ බලහං මේක..”
මිත්‍රයා දික් කරපු ලින්ක් එක කියවද්දි අරගලයට ආපු මුදල් ගැන මරණකුලසූරිය ලියලා තියෙන්නෙ.

“මෙච්චර මුදලක් අරගලය කරන සිවිල් මිනිස්සුන්ට ලැබෙනවනම් උන්නෙ බං මේ රට පාලනය කරන්න ඕනි”

ඇත්තටම මටත් කියවුණා.දෛනික ඩොලරයේ ගාණ ඉදිරිපත් කිරීම,පොඩ්ඩක් වැඩි වුණොත් ඒ වෙනුවෙන් ජාතක කතා ලියන එක වගකීමටත් වඩා හුස්ම ගන්න තරම් අනිවාර්ය කාර්යයක් බව හිතන ජනාධිපතිගෙ ගාව ඉන්න මිත්‍රයොත් අරගලයෙ හිටියනෙ.එහෙනම් ඒ අයත් දන්නවා ඇතිනෙ.

“ඒ කොහොම වුණත් පෝලිම් නැති වුණා කියලා වැඩක් නැහැ.බලන්න වෙලා තියෙන හරිය.අදටත් මිනිස්සු මැරෙනවා.මිනිස්සු ජීවන වියදම දරාගන්න බැරුව දෙස් දොවොල් තියෙනවා.බඩගින්න නිසා මැරෙනවා.අඩනවා හැපෙනවා.”
මිත්‍රයා කියාගෙන යනවා.

“කට්ටිය වික්කමසිංහ ගේ ආර්ථික න්‍යාය ගැන කිය කිය ප්‍රශස්ති ගයද්දි රටේ ප්‍රශ්න පෝලිම් ගැහෙන එක නැති වුණාට තනි තනිව ඒ හැමෝ ළඟම ප්‍රශ්න ඉතුරුවෙලා ජිවත්වෙනවා.ඒ කියන්නෙ ප්‍රශ්නය එක රොත්තට එන එක පෝලිම් ගැහෙන්න නොදී නවත්තලා තිබ්බට ජීවත්වෙන්න තියෙන අමාරුකම් ඉවර වෙලා නැහැ.”

මිත්‍රයගෙ ඒ කතාවනම් මටත් හිස වනලා අනුමත තරන්න වුණා.

“ඉතිං බං මෙහෙම ඉද්දි හදිසියෙවත් මේ රටේ මිනිස්සුන්ට හොද සිහිය පාත් වුණා කියලා හිතපං”

මිත්‍රයා ඒක කිව්වෙ හොඳ සිහිය කියන එක අවධාරණය කරමින්.

“එහෙම වුණානම් කරන්න පුළුවන් දහම් ගැට ඔක්කොම දාලා තවමත් ඩොලර් සංචිතය හරියට හදාගන්න බැරිවෙච්චි එවුන්ට කුදගහගන්න කියලා අර අරගලේ උන්ට රට භාරදෙන්න පාරට එනවනෙ.”

ඒක කිව්වම මටත් හිතුණෙ මිනිස්සුන්ට හොඳ සිහිය ආවොත් කියන පැනයමයි.
“මොකද එහෙම එන්නෙ නැහැ කියලා දැනගෙනමනෙ තාත්තා ගෙවල් හදපු රටේ ගෙවල් නැති මිනිස්සුන්ට වදින්න පුතාලා චෛත්‍යය හදා දෙන්න යන්නෙ.ඒ වගෙම මුඛරිකමට රජ්ජුරුවන්ගෙ ගෑණිගෙ කොටහළුව ගැන කියන්නෙ.මේ ඔක්කොම කන්න බොන්න නැතත් මිනිස්සු ඉන්න ආස විදිහ.මිිනිස්සුන්ගෙ සිහිය තියෙන ගැන පෙණුම”
මිත්‍රයා ගොඩක් වෙලා මා දිහා බලා හිටියා.

මේ වගෙ මළ කදන් සිරුරෙන් ගලන ඕජස්වලට සෙන්ට් කලවම් කරලද මන්ද?මේ පිස්සු මින්ස්සු ඒවා ඉඹ ඉඹ නලියනවනෙ බං.

මිත්‍රයාගේ කතාව හරි.ඒත් ඉතිං මොනව කරන්නද?

“කුණු රසට හුරුවුණ පණුවො මිලමිනී මිස හොඳ ශරීර ගැන හිතන්නෙ නැහැ.දේශපාලකයො නෙමෙයි බං වෙනස් කරන්න ඕනි මිනිස්සු. උන්ගෙ පණු ආත්ම ටික අයින් කරන්න ඕනි.අරගලේ වගෙ අවස්ථාවක් උන්ට සිංදු කියන්නයි,නටන්නයි පාවිච්චි කරන එකට අමතරව සරලව මිනිස්සු හිතන්න ඕනි හැටි කියාදෙන තැනකට පත් කරගන්න පුළුවන් වුණානම්..”

“දේශපාලන පක්ෂ අරගලයට සම්බන්ධ නොවුණ එක ගැන නෙමෙයි ගැටළුව දේශපාලනය සම්බන්ධ නොවීමයි නේද??

මම උඩින්ම තියෙන ටික හිතලා පහළ ටික ඇහුවා.මිත්‍රයා අර වීදුරුව ගුඩුස් ගහලා ඉවර කරා.

”බයිට් සෑහෙන්න ඉතුරුයි.”

මනුස්සය ලොකූ දුවන පුහුල් කෑල්ලක් කටට ඔබාගන්න අතරෙ කිව්වා.
“මරණකුලසූරිය කාලා ඉවර කරන්න පුළුවන් බයිට් එකක් නෙමෙයි බං.”

අපි දෙන්නම මගේ කතාවට හිනා වුණා

ද ක්ලීනර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan