EPF අරමුදල් ගෙවන්න ඩිජිටල් දත්ත පද්ධතියක්!

Date:

කොළඹ LNW:මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත්තේ.

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා යෝජකයන් ලියාපදිංචි වීමෙන් පසු අදාළ අර්ථසාධක අරමුදල් මහ බැංකුවට ගෙවීම් සිදු කරන බවත් මහ බැංකුවෙන් සෑම මාස 6කට වරක් ගෙවීම් පිළිබඳව දත්ත කම්කරු දෙපාර්තමේන්තුවට ලබාදෙන බවත් නිලධාරීන් පෙන්වාදී තිබේ.

මෙහිදී කාරක සභාව පෙන්වාදී ඇත්තේ මාස 6කට වරක් දත්ත ලබාගැනීම වෙනුවට මේ සම්බන්ධයෙන් නිරන්තර යාවත්කාලීන විය හැකි පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුව සතුවිය යුතු බවයි. ජනතාවගේ ආරක්ෂාව සඳහා එය අත්‍යවශ්‍ය බවත් කාරක සභාව විසින් අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහ බැංකුව සහ කම්කරු කාර්යාලය ඒකාබද්ධ රැස්වීමක් කඩිනමින් පැවැත්වීමට ද උපදෙස් දී ඇති අතර
ඩිජිටල් දත්ත පද්ධතියක් වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් ලබාදී ඇති මූල්‍ය ප්‍රතිපාදන නිසිපරිදි භාවිත නොකිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමුව තිබේ.

එමෙන්ම අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහිව මේ වනවිට නඩු 15,000ක් පමණ ක්‍රියාත්මක වන බව එහිදී අනාවරණය වී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...