මක්කම උෂ්ණත්වය සෙල්සියස් අංශක 52 ඉක්මවීමත් සමඟ හජ් වන්දනාවේ ගිය 1,000 අධික පිරිසක් මිය යයි

0
280

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 21,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදි අරාබියේ අධික උණුසුම් තත්වයක් හේතුවෙන් හජ් වන්දනාවේ නිරත වූ වන්දනාකරුවන් 1081 දෙනෙකු මියගොස් ඇති බව වර්තා වේ.

මියගිය ය අතුරින් ඊජිප්තුවේ බැතිමතුන් 658 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 650 දෙනෙක්ම ලියාපදිංචි නොකළ වන්දනාකරුවන් වන බවයි සෞදි බලධාරීන් සඳහන් කර තිබුණේ,

සෞදි අරාබියේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය මේ සතියේ මක්කම ග්‍රෑන්ඩ් පල්ලියේදී 51.8C (125F) ඉහළ අගයක් වාර්තා කර තිබු අතර නිල බලපත්‍රවල මිල අධිකත්වය හේතුවෙන් වන්දනාකරුවන් දස දහස් ගණනක් අවිධිමත් මාර්ග හරහා හජ් වන්දනාවට සම්බන්ධ වීමට උත්සාහ කර තිබේ. එම පිරිසට වායු සමනයක කර තිබෙන ප්‍රදේශයන්ට පැමිණීමට නොහැකි වීමෙන් මරණ රාශියක් වාර්තා වී තිබේ.

මෙවර හජ් වන්දනාවට පකිස්ථානයේ වන්දනාකරුවන් 150,000ක් මෙවර සම්බන්ධවී ඇති අතර ඉන් 58ක් මියගොස් තිබේ. එමෙන්ම ඉන්දුනීසියාවෙන් වන්දනාකරුවන් 240,000 ක් සම්බන්ධව ඇති අතර ඉන 183ක් මියගොස් තිබේ. මිට අමතරව මැලේසියාව, ඉන්දියාව, ජෝර්දානය, ඉරානය, සෙනගල්, ටියුනීසියාව, සුඩානය සහ ඉරාකයේ ස්වාධීන කුර්දිස්තාන් කලාපය විසින් ද මරණ තහවුරු කර ඇත.