*
Saturday, December 14, 2024
spot_img

Latest Posts

අන්තෝ ජටා බහි ජටා

සටහන – රත්නපාල ගමගේ
ජූනි 21, (LNW) ස්විට්සර්ලන්තය:
නීතිපති සංජය රාජරත්නම් ගේ අගවිනිසුරු සිහිනය ව්‍යවස්ථාදායක සභාව කුඩු පට්ටම් කර දැමීම සමඟම දාහත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිට එක දිගට ඝෝෂාකර ඇති කළ ආණ්ඩුක්‍රම සංශෝධන ක්‍රියාවලියේ නිර්මාතෘවරයෙකු වූ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම සංශෝධනය පාරාවලල්ලක් වූ ආකාරයද දැක ගත හැකි විය.ඒ වනාහි දෛවයේ සරදමකි.

මේ සියල්ල සිදුවුණේ පසුගිය සඳුදා දිනය තුළය. නීතිපති ධුරයෙන් මේ මස විශ්‍රාම යාමට නියමිත රාජරත්නම් මහතා තවත් මාස හයක් එනම් දෙසැම්බර් තෙක් සේවා දිගුවක් ලබාදෙන ලෙසට ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කලේය.මේ නිසා ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායක සභාව අතර ඇතිවී තිබෙන සීතල යුද්ධය එතරම් ඇගට ගුණ නැත. මෙයට අමතරව ජනාධිපතිවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණය අතරත් ආරවුලක් ඇති වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමය දැන ගැනීම සඳහා ඉදිරිපත් කළ ස්ත්‍රී පුරුෂ සමාජ භාවිත හා සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට කළ තීරණය නිසා ඒ පිළිබඳව තීරණයක් ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කළ ප්‍රකාශය නිසා ජනාධිපති හා ශ්‍රේෂ්ඨාධිකරණ ය අතරත් නොහොද නෝක්කාඩුවක් හට ගෙන ඇති බව බැලූ බැල්මට පෙනී යන සිදුවීමකි.

ශ්‍රේෂ්ඨාධිකරණය හා පාර්ලිමේන්තුව අතරත් ආරවුලක් හටගෙන තිබේ. ඔක්තෝබර් මස අවසන් වන තෙක්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු පදවිය හැර සෙසු විනිසුරුවරුන් අභියාචනාදී කරනයේ විනිසුරු පදවිවලටත් පුරප්පාඩු පිරවීම තහනම් කරමින් ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.මේ නිසා පසුගිය පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්නයක් මතු කළත් එයට පිළිතුරු දෙමින්. අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන් මහතා සඳහන් කලේ ව්‍යවස්ථාදායකයට නීති පැනවීමට නොහැකි බව සඳහන් කිරීමෙන් ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් අතර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව පෙනී යයි.

මේ අර්බුදය හටගත්තේ අද ඊයේ නොවෙයි. පොලිස්පතිවරයෙක් පත්කර ගැනීමට නොහැකිව වසරකට කිට්ටු කාලයක් බලා සිටීමට ජනාධිපතිවරයාට සිදු විය. පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය පසු පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කළ දේශබන්ධු තෙන්නකෝන් මහත හට පොලිස්පති ධුරයට පත්වීමට තවත් ත්‍රෛ මාසික කාල පරිච්ඡේද දෙකක් (එනම් මුළු වශයෙන් මාස නවයක්) බලා සිටීමට සිදුවිය.

අවසානයේදී කළ පත්කිරීමත් ප්‍රශ්නකාරීය. එය දැනටමත් අධිකරණයේ විමසීමට භාජනය වී තිබේ . ව්‍යවස්ථාදායක සභාව නියත වශයෙන්ම පොලිස්පති ධූරයට දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කළ ද එහි නීතියිමය තත්ත්වය පිළිබඳ නිගමනය කිරීම අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්ව තිබේ. මේ අයුරින් බලන විට ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන ප්‍රජාතාන්ත්‍රවාදී කුළුණු තුන එකිනෙකට විරුද්ධව පෙළගැසී තිබීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අහිතකරය.

දාහත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්ම වීමේ දී පටන් ව්‍යවස්ථා අර්බුද දකින්නට ලැබුණි. දාහත් වන ආණ්ඩුකම සංශෝධනය යටතේ පුරප්පාඩු සඳහා ජනාධිපතිට පුද්ගලයින් නිර්දේශ කරන්නේ ආණ්ඩුක්‍රම දේවස්ථාදායක සභාව විසිනි.ජනාධිපති ඊට අනුමැතිය දුන් පසු එම පත්වීමසක්‍රිය වේ . දාහත් වන සංශෝධනයේ තිබූ ව්‍යවස්ථා දුර්වලතාවයකින් එවකට සිටි ජනාධිපතිත් ඊට පසුව බලයට පත් මහින්ද රාජපක්ෂ මහතාත් උපරිම ප්‍රයෝජන ගත්හان . කඩිමුඩියේ සම්මත කළ නිසා ජනාධිපති අනුමැතිය නොදුන්නොත් පත්වීම් ස්වයංක්‍රීයව බලාත්මක වන බවක් නොතිබූ නිසා මැතිවරණ කොමිසමට පත් කළ සාමාජිකයින්ගේ නම් අනුමත කිරීම ජනාධිපතිනිය ප්‍රතික්ෂේප කළාය.එනිසා මැතිවරණ කොමිසම පත් කිරම අක්‍රිය විය. හේතුව වශයෙන් ජනාධිපති කීවේ මැතිවරණ කොමිසමේ සභාපති ලෙස පත්කර තිබූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රංජිත් දීරරත්න මහතා එක්සත් ජාතික පාක්ෂිකයකු නිසා යයි කීවාය. මැතිවරණ කොමිසම සක්‍රීය නොකළ නිසා එවකට මැතිවරණ කොමසාරිස්ව සිටි දයානන්ද දිසානායක මහතාට මහින්ද රාජපක්ෂ මහතා දෙවනවර බලයට පත්වන තෙක්ම විශ්‍රාම යෑම ප්‍රමාද කිරීමට සිදුවිය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වුවත් පූර්ව ගාමී ජනාධිපති අනුගමනය කරමින් ව්‍යවස්ථාදායක සභාව නිර්දේශ කළ ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්ගේ පත්වීම අනුමත නොකිරීම නිසා එම කොමිෂන් සභා මුළුමනින්ම අක්‍රීය විය.

මහින්ද රාජපක්ෂ මහතා 2010 2/3 බලයක් හිමිකර ගැනීමෙන් පසුව දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේය. එම සංශෝධනය අනුව ජනාධිපති ඉදිරිපත් කරන පුද්ගලයන්ගේ නම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කළ යුතුය.ඒ අනුව ස්වාධීන කොමිෂන් සභා බැලූ බැල්මට නමින් ස්වාධීන වූවත් ඒවා ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව බව රහසක් නොවීය. මේ නිසා ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය නොවේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී නීතිපතිවරයාට සේවා දිගුවක් දීමට ගොස් එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබීය.එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සී ආර ද සිල්වා මහතා විශ්‍රාමය තවත් මාස හයකින් ජනාධිපති රාජපක්ෂ විසින් දීර්ඝ කළේය.ඒ වසර අවසානයේ විශ්‍රාම යන අගවිනිසුරුගෙන් පසු අගවිනිසුරු ලෙස පත් කිරීම සඳහාය. එම අරමුණ අභියෝගයට ලක්කිරීම නිසා අගවිනිසුරු සරත් එන් සිල්වා එම නියෝගය අත්හිටුවනු ලැබීය.

නීතිපතිවරුන් අගවිනිසුරු පදවිවලට රැගෙන ආවේ අද ඊයේ නොවේ. සිරිමා බණ්ඩාරනායක මහත්මිය අගමැතිනිය ලෙස කටයුතු කරන කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ව සිටි රාජ නීතීඥ වික්ටර් තෙන්නකෝන්න් ඉන් ඉවත්වීමෙන් පසුව නීතිපති ලෙස පත් කළේය. පසුව අගවිනිසුරුවරයා විශ්‍රාම යෑමෙන් පසුව නීතිපති ධූරයේ කටයුතු කළ වික්ටර් තෙන්නකෝන් මහතා අගවිනිසුරු පදවියට පත් කළේය. එසේ වුවත් අධිකරණයේ ස්වාධීනත්වය මැනවින් රැකුණි.

ඉන් පසු සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ දියණියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියත් එවකට අභියාචනාදිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ සරත් එන් සිල්වා මහතා නීතිපතිවරයා ලෙස පත් කළේය. පසුව අගවිනිසුරු ලෙස සිටි ජී පී ද සිල්වා මහතා විශ්‍රාම යෑමෙන් පසුව සරත් එන් සිල්වා මහතා අගවිනිසුරු ලෙස පත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 වීම නිසා සරත් එන් සිල්වා මහතාට වසර අටක් පමණ අගවිනිසුරු ධූරයේ කටයුතු කිරීමට හැකි විය.

විධායකය සමඟ අර්බුද ඇති කර ගැනීම නිසා අගවිනිසුරු දෙදෙනෙකුට සිය පදවිය හැර යන්නට සිදුවිය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමයේ අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතාට දෝශාභි යෝගයක් ඉදිරිපත් වුවත් එය විභාගයකින් පෙර සිය පදවියෙන් ඉල්ලා අස්විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝශාභියෝගය නොමැති පටලැවිල්ලට හසු වූවාය . දෝශාභියෝගයක් නිසා පදවියෙන් ඉවත්කළ ප්‍රථම අගවිනිසුරුවරිය වූයේ ඇයයි. ඒ විධායකය සමඟ වූ පටලැවිල්ලක තරමය.දැනුත් ඒ අර්බුදවල ලකුණු පෙනෙන්නට පටන් ගෙන තිබේ. ව්‍යවස්ථාදායකය ,විධායකය අධිකරණය යන කුළුණු තුනම මේ පටලැවිල්ලට ගොදුරු වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අහිතකරය. එනිසා අන්තෝ ජටා බහී ජටා ලෙස හැඳින්වීමේ කිසිදු වරදක් දක්නට නොලැබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan