රන් බිස්කට් තොගයක් පන්නන්න හැදූ කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින් යුත් රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපලේ සිට රට තුළට රැගෙන යාමට තැත් කළ ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියෙකු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හක්මන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වසර 15ක් තිස්සේ ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන බව සඳහන්.

අද (21) අළුයම විදෙස් රටක සිට පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියක් තුළදී අදාළ ආරක්ෂක නිලධාරියාට රන් බිස්කට් 18ක් ලබාදී ඇති අතර ඔහු ඒවා සිය ඇඳුමේ සඟවාගෙන ගුවන් තොටුපලෙන් පිටව යාමට උත්සාහ දරන අවස්ථාවේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී සොයාගත් රන් බිස්කට් තොගයේ බර කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 86ක් බව සඳහන්.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රුපියල් 60,000 ක මුදලක් ලබාදීමේ පොරොන්දුව මත ඔහු මෙම රන් තොගය ගුවන් තොටුපලෙන් පිටතට ගෙනගොස් දීමට උත්සාහ කර ඇති බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත්...

අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : 2015 වසරේ...

වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...

කොළඹ කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ...