27 වෙනිදා රට පුරා මහපාරේ රතිඤ්ඤා දල්වා කිරිබත් බෙදා සැණකෙළි සිරියෙන් සමරන්න සූදානම් !

Date:

ජුනි 27 වෙනිදා රටටම සුබ ආරංචියක් ලැබෙන්න නියමිත බව අපි මීට කලින් පුවතකින් කිව්වා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සිදුකරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ එදාට පැරිස් සමාජයේ රටවල් එක්ක ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹෙන්න නියමිතයි. ඒ වගේම එදාම චීනය සමගත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමකට එළඹෙන්න නියමිත බව සඳහන්.

ඒ අනුව රජයේ ආර්ථික විශේෂඥයින් කියන්නේ එදායින් පසුව ශ්‍රී ලංකාවට නැවතත් ජාත්‍යන්තර ණය ලබාගන්න පුළුවන්ය කියලායි. මෙය ශ්‍රී ලංකාව බංකොලොත්බවින් නිදහස් වීම වශයෙන් සමරන්න රජයේ ප්‍රබලයින් සූදානම් වෙනවා ලු.

ඒ කියන්නේ 27 වෙනිදාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ගැන නිල නිවේදනයක් නිකුත් කරපුවාම ඒක සියලුම මාධ්‍යවල බ්‍රේකිං නිව්ස් එකක් හැටියට ප්‍රචාරය කරන්නත් ඒ මොහොතේම රටපුරා රතිඤ්ඤා දල්වලා, මහපාරේ කිරිබත් බෙදලා ඉහළින්ම සමරන්න ලු යන්නේ.

රටේ වැඩිම අවධානයක් යොමුවෙන කොළඹ ප්‍රදේශයේ මේ සැමරුම් කටයුතුවල වගකීම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා විසින් බාර අරන් කියලා ආරංචියි. අනිත් ප්‍රදේශවලත් සංවිධාන කටයුතු එක් එක් අයට පවරලා ලු.

ඒ වගේම 27 වෙනිදායින් ඉදිරියටත් සංගීත සංදර්ශන ඇතුළු විවිධ වැඩසටහන් සංවිධානය කරමින් මේ බංකොලොත් බවින් නිදහස් වීම ඉහළින්ම සමරන්න ලු යන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියත් මේ බංකොලොත් බවින් නිදහස් වීමේ සැණකෙළි සිරියත් එක්කම දියත් වෙන්න නියමිතයි කියලාත් ආරංචියි.

මේක ඉතින් අමුතු දේකුත් නෙවෙයි, ගිය අවුරුද්දේ මාර්තු මාසේ IMF එකෙන් පළවෙනි ණය වාරිකය හම්බවුණු වෙලාවේත් මේ විදියටම කට්ටිය රටපුරා රතිඤ්ඤා දැම්මා ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...