ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් නගරයට ඉරානය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර, මේ හේතුවෙන් ටෙල් අවිව් අසල හොලොන් නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජිවිත හානියක් වාර්තා වී නොමැති අතර, ඉරානය බැලස්ටික් මිසයිල පහක් එල්ල කර ඇති බවත් මිසයිල බලපෑම් පිළිබඳ ක්ෂණික ඇගවීම් නොමැති බවත් ඊශ්‍රායල රජය පවසා තිබේ.

මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානයේ කොම් නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට ප්‍රහාර එල්ල කර තිබෙන බවද වාර්තා වේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරානයේ විශාලතම බලාගාරයක් වන ඉස්ෆහාන් න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් න්‍යෂ්ටික බලාගාරයේ අනතුරුදායක කාන්දුවීම් කිසිවක් වාර්තා වී නොමැත.

ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 02 දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 04දෙනෙකු තුවාල ලබා තිබෙන අතර, මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ආරම්භ කරන බවට ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කිරීමෙන් සුළු වෙලාවකට පසුවයි.මේ අතර ඊශ්‍රායල ප්‍රහාර නතර වන තුරු තම රට අමෙරිකාව සමඟ සාකච්ඡාවලට එළඹෙන්නේ නැති බව ඉරානය පවසා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, එමෙන්ම සිය න්‍යෂ්ටික සැලසුම් සම්බ්න්ධයෙන් ද සාකච්ඡා කිරීම ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ, ඊශ්‍රායලයේ ආක්‍රමණශීලී ප්‍රතිපත්ති නැවැත්වූ පසුව ඉරානය විසින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සලකා බැලීමට සුදානම් බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා...

අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.හැමෝම සහය වෙන්න – නි. ඇමති මහින්ද ජයසිංහ (VIDEO)

කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...