කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ නොහැක අතර ඊට සමස්ත ජනතාවගේම සහය අවශ්‍ය බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සමූපකාර බැංකුවේ සාමාජිකයින්ගේ 2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 201දෙනෙකු සඳහා ශිෂ්‍යාධාර සහ තිළිණපත් ලබා දීමේ උත්සව සභාව අමතමිනි.
මේ අතර බදු මුදල්වලින් සිදුකරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සුපරීක්ෂා වීමේ වගකීමද පුරවැසියන්ට පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
එමෙන්ම හොඳම මේ දරුවන්ට දෙන්න ආණ්ඩුව උපරිම උත්සාහයක නිරත වෙමින් සිටින බවත් දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ දේශපාලන භේදයකින් තොරව සහය දෙන ලෙසත් යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.
සියලු දෙනාම එකතු වී රට ගොඩනැගිය යුතු බවයි ඔහු පැවසුවේ.
මේ අතර ලබන වසරේ සිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම් ගැනද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වීය.
”අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න විශාල වෙහෙසක් ගනිමින් ඉන්නේ. ලබන වසරේ ජනවාරි සිට 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය විෂය මාලාව වෙනස් වෙනවා. 09 ශ්‍රේණියෙන් පසු දරුවන්ගේ දක්ෂතාව කැමැත්ත මත ඉදිරි අධ්‍යාපන කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරවා.පවතින එක මාවතක අධ්‍යාපනය වෙනුවට මාවත් දෙකක අධ්‍යාපනය හදනවා. දැනට ඒවා සැලසුම් කර තිබෙනවා. ඊට අවශ්‍ය මූලික පියවර තබා තිබෙනවා.” යනුවෙන් හෙතෙම සඳහන් කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ
