වලිය අවසන්. පොහොට්ටුවට ඇමතිකම් දෙන්න ජනපති එකඟ වෙලා !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් පිරිසකට කැබිනට් අමාත්‍ය තනතුරු ලබාදෙන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වෙලා කියලා ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියනවා.

පහුගිය දවස්වල ජනාධිපතිවරයා සහ පොහොට්ටුව අතර යම් ආතතියක් තිබුණු බව හැමෝම දන්න කරුණක්. විශේෂයෙන් පසුගිය සතිය වෙද්දී ඒක එළිපිටම දකින්න තිබුණා. හේතු කිහිපයක්ම මීට බලාපාලා තිබුණත් ප්‍රධාන කරුණ වුණේ ඇමතිකම්.

මොකද, මේ කැබිනට් සංශෝධනය 2022 ඔක්තෝබර් මාසයේ වගේ ඉඳන් ඇදි ඇදී එන කතාවක් නෙ. අයවැයට කලින්, අයවැයෙන් පස්සේ, ජනවාරියට කලින්, ජනපතිගේ ජපාන සංචාරයට පසුව, සිංහල දෙමළ අලුත් අවුරුද්දට කලින්, IMF අනුමැතිය ලැබුණාට පස්සේ … වගේ කතා කියැවෙමින් අවස්ථා ගණනාවකදී මේක කල්දැමුණා.

ජනාධිපතිවරයාගෙ පැත්තේ ආරංචිමාර්ග දිගටම කිව්වේ පවතින තත්වය අනුව කැබිනට් මණ්ඩලය තවත් වැඩිවෙනවාට ජනතාව කැමති නැති නිසා ජනාධිපතිවරයාත් කැබිනට් සංශෝධනයකට එකඟ නැති බවක්. ඒත් පොහොට්ටුවේ පැත්තෙන් කියවුණේ තමන්ගෙ දිස්ත්‍රික් නායකයින්ට අසාධාරණයක් වී ඇති බවත් ඔවුන්ට කැබිනම් ඇමති ධුර ලැබිය යුතුම බවත්.

මේ ප්‍රශ්නය නිසාම ආණ්ඩුව දෙකඩ වෙයි කියලාත් සමහරු බලාගෙන හිටියා. කොහොම වුණත් අවසානයේ ඒ ප්‍රශ්නය දැන් විසඳිලා ලු.

බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ දැඩි බලකිරීම මත පොහොට්ටුවේ පිරිසකට ඇමතිකම් දෙන්න සිද්ධ වෙනවාය කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරයට පිටව යන්න කලින් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කීපදෙනෙකුට කිව්වාය කියලා ආරංචියි.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රංශයේ සිට ආපසු පැමිණි පසුව ඉක්මනින් නව කැබිනට් ඇමතිවරුන් හය දෙනෙක් පත්කෙරෙනු ඇති බව තමයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...