වලිය අවසන්. පොහොට්ටුවට ඇමතිකම් දෙන්න ජනපති එකඟ වෙලා !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් පිරිසකට කැබිනට් අමාත්‍ය තනතුරු ලබාදෙන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වෙලා කියලා ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියනවා.

පහුගිය දවස්වල ජනාධිපතිවරයා සහ පොහොට්ටුව අතර යම් ආතතියක් තිබුණු බව හැමෝම දන්න කරුණක්. විශේෂයෙන් පසුගිය සතිය වෙද්දී ඒක එළිපිටම දකින්න තිබුණා. හේතු කිහිපයක්ම මීට බලාපාලා තිබුණත් ප්‍රධාන කරුණ වුණේ ඇමතිකම්.

මොකද, මේ කැබිනට් සංශෝධනය 2022 ඔක්තෝබර් මාසයේ වගේ ඉඳන් ඇදි ඇදී එන කතාවක් නෙ. අයවැයට කලින්, අයවැයෙන් පස්සේ, ජනවාරියට කලින්, ජනපතිගේ ජපාන සංචාරයට පසුව, සිංහල දෙමළ අලුත් අවුරුද්දට කලින්, IMF අනුමැතිය ලැබුණාට පස්සේ … වගේ කතා කියැවෙමින් අවස්ථා ගණනාවකදී මේක කල්දැමුණා.

ජනාධිපතිවරයාගෙ පැත්තේ ආරංචිමාර්ග දිගටම කිව්වේ පවතින තත්වය අනුව කැබිනට් මණ්ඩලය තවත් වැඩිවෙනවාට ජනතාව කැමති නැති නිසා ජනාධිපතිවරයාත් කැබිනට් සංශෝධනයකට එකඟ නැති බවක්. ඒත් පොහොට්ටුවේ පැත්තෙන් කියවුණේ තමන්ගෙ දිස්ත්‍රික් නායකයින්ට අසාධාරණයක් වී ඇති බවත් ඔවුන්ට කැබිනම් ඇමති ධුර ලැබිය යුතුම බවත්.

මේ ප්‍රශ්නය නිසාම ආණ්ඩුව දෙකඩ වෙයි කියලාත් සමහරු බලාගෙන හිටියා. කොහොම වුණත් අවසානයේ ඒ ප්‍රශ්නය දැන් විසඳිලා ලු.

බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ දැඩි බලකිරීම මත පොහොට්ටුවේ පිරිසකට ඇමතිකම් දෙන්න සිද්ධ වෙනවාය කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරයට පිටව යන්න කලින් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් කීපදෙනෙකුට කිව්වාය කියලා ආරංචියි.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රංශයේ සිට ආපසු පැමිණි පසුව ඉක්මනින් නව කැබිනට් ඇමතිවරුන් හය දෙනෙක් පත්කෙරෙනු ඇති බව තමයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...