මිගමු සංචාරක පුරයේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (VIDEO)

සංචාරක බලප්‍රදේශයක් වන මීගමුවේ විශාල ගැටලු රාශියක් පවතින බවත් පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ රටේ බංකොලොත් භාවය නිසා එහි සංචාරක ව්‍යාපාරය කඩා වැටී ඇති බවත් ඔවුන්ගේ ණය පොලී මේ වන විට වැඩි වී ඇති හෙයින් පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපල වෙන්දේසි කිරීමට පවා කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මීගමුව සංචාරක සංගමය පසුගිය දා තමන් හමු වී මේ බව පැවසීමෙන් අනතුරුව එම ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මේ ගැටලු විශාල ලෙස පවතිනේ යැයි පෙනී ගිය බවත් එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු සාධනීය විසදුමක් ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රජයේ මැදිහත් වීමෙන් ඔවුන්ට පොලී සහන ලබා දී බංකොලොත් රට තුළ පරාටේ නිතිය ක්‍රියාත්මක වීම වහාම නතර කරන ලෙස ද විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...