මිගමු සංචාරක පුරයේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (VIDEO)

සංචාරක බලප්‍රදේශයක් වන මීගමුවේ විශාල ගැටලු රාශියක් පවතින බවත් පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ රටේ බංකොලොත් භාවය නිසා එහි සංචාරක ව්‍යාපාරය කඩා වැටී ඇති බවත් ඔවුන්ගේ ණය පොලී මේ වන විට වැඩි වී ඇති හෙයින් පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපල වෙන්දේසි කිරීමට පවා කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මීගමුව සංචාරක සංගමය පසුගිය දා තමන් හමු වී මේ බව පැවසීමෙන් අනතුරුව එම ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මේ ගැටලු විශාල ලෙස පවතිනේ යැයි පෙනී ගිය බවත් එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු සාධනීය විසදුමක් ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රජයේ මැදිහත් වීමෙන් ඔවුන්ට පොලී සහන ලබා දී බංකොලොත් රට තුළ පරාටේ නිතිය ක්‍රියාත්මක වීම වහාම නතර කරන ලෙස ද විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...