විදේශ රැකියා සොයන ඔබට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂගෙන් පණිවිඩයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් එක් රැස්කරන ජාවාරම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවන බවත් එවැනි පුද්ගලයින් සමග සිදුකරන ලබන කිසිදු ගනුදෙනුවකට හෝ පොරොන්දුවකට තමන් වග නොකියන බවත් අමාත්‍යවරයා  පවසා සිටී.

අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, තම කාර්ය මණ්ඩලයේ කිසිදු නිලධාරියෙක් විදේශ රැකියා ලබාදීම සදහා මුදල් එක් රැස් නොකරන බවත්, නීත්‍යානුකූල විදේශ රැකියා නියෝජිත ආයතනකයට හැර වෙනත් කිසිදු අයෙක්ට විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමු කිරීමට හැකියාවක් නොමැති බවත්ය .

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ නිත්‍යානුකූල විදේශ රැකියා නියෝජිත ආයතන පමණක් බවත් එසේ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගැනීම නීති විරෝධී බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය පහත සදහන් නිලධාරීන්ගෙන් පමණක් සමන්විතවන බවයි.

ශාන් යහම්පත් මහතා – පුද්ගලික ලේකම්
සංජය නල්ලපෙරුම මහතා – මාධ්‍ය ලේකම්
දේශප්‍රිය ලියනගේ මහතා – සම්බන්ධීකරණ ලේකම්
භාග්‍ය කාරියවසම් මහතා – සම්බන්ධීකරණ ලේකම්
සුනෙත් අතුකෝරළ මහතා – මහජන සම්බන්ධතා නිලධාරී
උදයංග සූරිආරච්චි මහතා – පාර්ලිමේන්තු කටයුතු ලේකම්
ප්‍රියංකර විජේසේකර – සම්බන්ධීකරණ නිලධාරී (පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය)

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...