*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

මෙවරත් මිහින්තලේ පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය නෑ. ලබන පොසොන් පෝය කරන්නේ අලුත් රජයක් යටතේ – විහාරාධිපති හිමි

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවරත් මිහින්තලේ පොසොන් ආලෝක පූජාව සහ පෙරහැර පැවැත්වීමට සිදුව ඇත්තේ රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව බව මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසයි.

මහජනතාවගෙන් ලැබුණු ආධාරවලින් සහ තම මෝටර් රථය විකිණීමෙන් ලද මුදලින් මෙවර පොසොන් පෙරහැර සහ ආලෝක පූජාව පැවැත්වීමට සිදුවූ අතර රාජ්‍ය අනුග්‍රහය ලැබුණාටත් වඩා සාර්ථකව එය ඉටුකිරීමට තමන්ට හැකිවූ බවත් එහිමියන් සඳහන් කළේය.

“හාමුදුරුවන්ට දුන්න ආධාරවලින් විදුලි බල්බ් දාලාද කියලාත් කොටසක් බලාගෙන ඇවිල්ලා ඉන්නවා. රජයේ අනුග්‍රහය තිබ්බට වඩා අති සාර්ථකයි. බොහොම සතුටුයි මට. මේ රට පාලනය කරන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ. මේ පළිගන්නෙ ජාතියෙන්, රටෙන්, මිනිස්සුන්ගෙන්. පිරිත් නූල් කඹ ගණන් බැඳගෙන ඉන්න පාර්ලිමේන්තුවේ අයට මම කිව්වා පොසොන් පින්කම, මේ රජ දරුවන් මේක කරලා තියෙනවා, ඒ හින්දා මේක ගැසට් කරන්න කියලා. එහෙම කරන්නෙ නෑ. ඔය බුද්ධාගම පෝෂණය කර සුරක්ෂිත කරනවා කියන්නෙ, හෙට අනිද්දාට අන්න ඒ පනතත් අයින් වෙනවා කියන එක විතරක් අපේ රටේ මිනිස්සු දැනගන්න. ඒ වගේම තැබෑරුම් සතියක් වහනවා මේ දිස්ත්‍රික්කය පුරාවට. මේ පාර නැගෙනහිර නුවරගම් පළාතයි, මධ්‍යම නුවරගම් පළාතයි, මිහින්තලේයි පමණක් වහලා දිස්ත්‍රික්කය පුරාම අනිත් තැබෑරුම් විවෘත කරලා තිබෙනවා පිංවතුනි. ඒ කියන්නෙ උඹලා බීලා කාලා ඕනෙ දෙයක් කරගනිල්ලා කියලා ඔන්න පහසුකම් සපයලා තියෙනවා, රාජ්‍ය අනුග්‍රහය නොමඳව දීලා තියෙනවා ඒකට. මිහින්තලාව ලංකා සිතියමේ නෑ දැන්. වෙනදා බෝම්බ නිශ්ක්‍රීය අංශය එනවා මෙතනට, ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා. යුද හමුදාව අවිසහිත සහ අවිරහිත ඇවිල්ලා ගුවන් යානාවලට වෙඩිතියන්න පුළුවන් ඒවාත් හයිකරලා තිබ්බා පහුගිය කාලවල්වල. දිස්ත්‍රික් ලේකම්වරයා ලිඛිතව දන්වලා තියෙනවා මිහින්තලාවට මෙච්චර සෙනඟක් එනවා, ඒ හින්දා පොලීසියේ සහායට අවශ්‍ය ආරක්ෂාව දෙන්න කියලා. මේ වෙනතුරු දීලා නෑ. අනුරාධපුරේ ඉන්න ඉෂාක් මන්ත්‍රීවරයා ඇතුළු 19 දෙනෙකුට මේ වෙනකොට මේ අවුරුද්දට දීලා තියෙනවා එක්කෙනෙකුට මිලියන 199ක්. මේ මැතිවරණයක් තියෙන වෙලාවේ මොනවටද මේ සල්ලි දීලා තියෙන්නෙ ? මං හිතුවෙ මෙහෙටත් මිලියනයක් දෙකක් පාස්වෙලා ඇති කියලා. ඔය සංවර්ධන අරමුදල් තිබ්බා පහුගිය දවස්වල. ඒ සංවර්ධන අරමුදල කෙළින්ම ගත්තා ජනාධිපතිවරයා යටතට. කෝටි අටසීය ගාණක්. බලන්න අපේ රටේ මුදල්වලට වෙන දේ. සූදානම් වෙන්න, සිස්ටම් චේන්ජ් වුණේ මිහින්තලාවෙන්. මිහිඳු මහ රහතන් වහන්සේගෙ චෛත්‍යයේ කොත් පළන්දන්නේ අලුත් රජයක් යටතේ, අලුත් පිරිසක් යටතේ. ලබන පොසොන් පෝය කරන්නෙත් අලුත් පිරිසක්, අලුත් රජයක් යටතේ”

වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මේ බව පැවසුවේ ඊයේ (21) මිහින්තලේ පොසොන් උත්සවයේදී අනුශාසනාවක් කරමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan