*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

“ත්‍රිකුණාමලය” ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට තීරණය කළා – ජනපති

සටහන – රෂිකා හෙන්නායක ජුනි 22 , කොළඹ (LNW):

ත්‍රිකුණාමලය ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට තීරණය කර තිබෙන බවත්, ඒ සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම පිළිබඳ පසුගියදා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෘෂිකර්ම නවිකරණ වැඩසටහන යටතේ මෙම ප්‍රදේශවල විශාල කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ ඇති මහවැලි ව්‍යාපාරයට අයත් නොදියුණු ඉඩම් දියුණු කිරීමේ වැඩසටහනක් ද කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ඒ වගේම වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද සැලසුම් කර තිබෙන බවද පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නොමැති පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබාදීම සංකේතවත් කරමින් පවුල් 192ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (22) මඩකලපුව, තිරයිමඩු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවති උත්සවයට එක් වෙමිනි.

උරුමය සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූවේ,

“ත්‍රිකුණාමලය ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට අප තීරණය කර තිබෙනවා.ඒ සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම පිළිබඳ පසුගියදා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.කෘෂිකර්ම නවිකරණ වැඩසටහන යටතේ මෙම ප්‍රදේශවල විශාල කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා.මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ ඇති මහවැලි ව්‍යාපාරයට අයත් නොදියුණු ඉඩම් දියුණු කිරීමේ වැඩසටහනක් ද කඩිනමින් ආරම්භ කරනවා.

ඒ වගේම වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද සැලසුම් කර තිබෙනවා.මඩකලපුව කොටුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංචාරක කටයුතු සඳහා සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර එවිට හොද හෝටලයක් මේ පළාතට ලැබෙනවා.ඒ වගේම මෙම ප්‍රදේශයේ කිරි ගව පාලනය දියුණු කිරීමට ද බලාපොරොත්තු වෙනවා.මෙම වසරේ ආර්ථික පරිවර්තන පනත සම්මත කර ගැනීමෙන් පසු විශාල වැඩකොටසක් මෙහි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.ඒ අනුව ත්‍රිකුණාමලය ප්‍රධාන අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙනවා.

නැගෙනහිර සහ අග්නිදිග යන විශ්වවිද්‍යාල දෙකම මෙහි පිහිටා තිබෙනවා. මෙම ප්‍රදේශයේ අධ්‍යාපනය තවදුරටත් දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙන අතර වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය සමග වැඩි වැඩියෙන් තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීමට හැකි වෙනවා.ඒ වගේම පසුගිය වසර තුන හතරක් ගුරුවරු බඳවා ගැනීමට නොහැකි වූ නිසා පාසල් අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් ගරු පත්වීම් ලබාදීම ද අද සිදු වුණා.විරැකියාව අපේ රටේ විශාල ගැටළුවක් වී තිබෙනවා. ඒ අනුව අපි නව සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා බිහි කර දිය යුතුයි.අප ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. මේ රටේ සාමාන්‍ය ජනතාව විශාල ලෙස දුක් වින්දා.

රට නැවත දියුණුවෙමින් තිබෙන අවස්ථාවේ අප කිසිවිටෙකත් එම ජනතාව අමතක කරන්නේ නැහැ.ඒ අනුව ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන අප ක්‍රියාත්මක කළා.දැන් ඔබට ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමිව තිබෙනවා. කිසිවෙකුට යටත්වීමට අවශ්‍ය නැහැ.අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අපි අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා.දැන් ගොවි ජනතාව වෙනුවෙන් සින්නකර ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා.මෙම ප්‍රදේශය සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු 27,000කට අධික ප්‍රමාණයක් ලබාදීමට නියමිතව තිබෙනවා.

මෙම ඉඩම් ඔප්පු ලබාදීම කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අදාළ රාජ්‍ය නිලධාරින් සියලුදෙනා ගමට එවීමට අප වැඩපිළිවෙළක් ද අප සකස් කර තිබෙනවා.එවිට මෙම ඉඩම් ඔප්පු ලබා ගැනීමට ජනතාවට දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන අතර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ඉඩම් නිලධාරින්, මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුකාරවරයා ගමට ගොස් එම ඉඩම් ඔප්පු ජනතාවට ලබාදිමට කටයුතු කරනවා.එම වැඩපිළිවෙළ එළැඹෙන සඳුදා ආරම්භ කර කඩිනමින් අවසන් කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා. මට තිබෙන්නේ එකම අරමුණයි. ඒ අයිතිය ජනතාවට ලබාදීමයි.

එම ලැබෙන ඉඩම් අයිතියා ආරක්ෂා කරගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා‍.”

ලෙස ජනාධිපතිවරයා කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan