යුපුන්ගේ රිදමයට පැමිණීම

Date:

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW:

යුපුන් අබේකෝන් සිටියේ යම් පසුබෑමකයි.ඔහු සිය වේගයට අදාළ රිද්මය සොයමින් සිටි අතර ඒ දුෂ්කර කාර්යය ඉටු කර ගන්නට ඔහු ජර්මනියේ DESSAU-ROßLAU හී පැවති ANHALT 2025 මලල ක්‍රීඩා උළෙලේදී සමත් වෙනවා.ඔහු එහිදී බී ශ්‍රේණියේ අවසාන තරගය ජය ගන්නේ තත්පර 10.18 ට.එය යුප්න්ගේ කාලීන හොඳම දක්ෂතාවය ද වෙන අතර ශ්‍රී ලාංකිකයෙකු මේ වසරේ වාර්තා කළ හොඳම කාලයද වෙනවා.


මේ කාණ්ඩයේ ජෙරම් බ්ලේක් එහි ඒ ශ්‍රේණියේ තරගය තත්පර 9.97 න් ජය ගන්නා අතර එම කාණ්ඩය නියෝජනය කළ ක්‍රීඩකයින් හය දෙනාගෙන් පස් දෙනෙකුම යුපුන් ට වඩා හොඳ කාලයක් වාර්තා කර තිබුණා.එහිදී යුපුන් එම අවසාන තරගය නියෝජනය කළ හැකි මට්ටමට දක්ෂතා දක්වා තිබුණා නම් ස්ථානය කෙසේ වුවත් වඩා වේගවත් තරගයක තත්පර 10.18 ක වේගයට වඩා හොඳ කාලයක් වාර්තා කරන්නට යුපුන් ට ඉඩ සැළසෙන්නට තිබුණා.


යුපුන්ට ද මේ මොහොතේ වඩාත් අවශ්‍යය කරන්නේ ඉදරි ජයග්‍රහණ වෙනුවෙන් සිය කාලය යහපත් කරගත හැකි මට්ටමේ තරගයිි.ඒ නිසා ඔහු ජයග්‍රහණයට වඩා ඒ කාණ්ඩයේ අවසාන තරගය නියෝජනය කර සිය වේගයේ ප්‍රතිපලය 10.18 ට වඩා ඉහළින් පවත්වා ගන්න ලැබුණානනම් සතුටට පත් වෙන්න තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ. අපි දැක්කෙත් පත්තරෙන් – හර්ෂ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ තමන්...

වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...

ගරු අනුර කුමාර දිසානායක සහෝදරයාට දැන් ජනතාව දේවත්වයෙන් වැඳුම් පිදුම් කරනවා – මාලිමා මන්ත්‍රී ශාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ මලයගම් ජනතාව මේ වනවිට...

ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියනයක වන්දි ඉල්ලන ලකුණු

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...