නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලාංකිකයින් ඊශ්‍රායලය වෙත එවන්න එපා – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

0
549

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW :

ඊශ්‍රායලයේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකු දිවයිනට පැමිණීම සඳහා ඉල්ලීම් සිදු කර නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන අතර,ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ, නිවාඩුව ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට යාමට සිටින පුද්ගලයින්ට නැවත දැනුම්දෙන තුරු නොයන ලෙසට දන්වා ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලාංකිකයින් ඊශ්‍රායලය වෙත නොඑවන ලෙස ද දැනුම්දුන් බවයි.